කුවේට් රාජ්‍යයේ දී ශ්‍රී ලාංකිකයෙකුට මරණ දඬුවම

කුවේට් රාජ්‍ය විසින් සිරකරුවන් 05 දෙනෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කර තිබෙනවා.

මෙලෙස මරණ දඬුවම ක්‍රියාත්මක වූ පුද්ගලයින් පස්දෙනා අතර ශ්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ද සිටින බවයි වාර්තා වුණේ.

මෙම ශ්‍රී ලාංකිකයා කළුතර ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි අයෙක් බව සඳහන්.

2015 වසරේ දී පුද්ගලයින් 27 දෙනෙකුට මරු කැඳවමින් ෂියා මුස්ලිම් පල්ලියකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් වරදකරුවෙක්ව සිටි අයෙකු ද මෙම පුද්ගලයින් පස්දෙනා අතර වනවා.

අනෙක් සිරකරුවන් තිදෙනා මිනීමැරුම් සම්බන්ධයෙන් වරදකරුවන් වූ තිදෙනෙකු බවයි වාර්තා වන්නේ.

මෙම සිරකරුවන් පස්දෙනා ඊයේ (27) කුවේට් හි මධ්‍යම බන්ධනාගාරයේදී එල්ලා මරා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හැමෝම ඉදිරියේ බණ කිව්ව විපක්ෂ නායක - බලය නැතත් සැබෑ System Change එක අපි කරනවා
14:16
Video thumbnail
මාලනියගේ නිවසේ අද උදෑසන තත්ත්වය - ජාතියේ යශෝරාවය ළඟ හඬා වැටුණු මිනිස්සු..
01:50
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක් - ලොරි සහයකයා තුවාල ලබා රෝහලේ
00:50
Video thumbnail
මාලනියට අවසන් ගෞරව දක්වන්න සෙනඟ මැදින් ආ වික්ටර් රත්නායක - සංවේදී වී බලා සිටින අයුරු
01:57
Video thumbnail
නිහඬ වූ නන්දා දෙස බලා සංවේදි වුණ වසන්ත - ඇගේ පැතුම් මල්ඵල ගැන්වෙන මොහොතක් මේ
03:35
Video thumbnail
හෙළයේ අමරණීය හඬට සමුදෙන්න මහ රෑම ආ ජනාධිපති අනුර
01:19
Video thumbnail
හෙළයේ අමරණීය හඬට සමුදෙන්න මහ රෑම ආ ජනාධිපති අනුර - කට්ටිය ජනපතිව වට කර ගයි
02:09
Video thumbnail
නිරෝෂා සංවේදී වී නන්දා මාලනිය වෙනුවෙන් පිටකල වදන් - ඇයගේ අඩුව පුරවන්න ආදේශකයක් නෑ
02:34
Video thumbnail
මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
01:18
Video thumbnail
මොන කාල#ණ්නිද මුන්..සල්ලිවලින් කාලා ආතල් ගන්නවා - මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
03:18