කුඹුරු ඉඩම් ගොඩ කිරීම ගැන තීරණයක්

කුඹුරු ඉඩම් ගොඩ කිරීම අමාත්‍යාංශයේ විශේෂ අවසරය මත පමණක් සිදු කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

පාර්ලිමේන්තුවේදී පැවති කෘෂිකර්ම කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී කුඹුරු ඉඩම් ගොඩකිරීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් අවධානයට යොමු කළ අවස්ථාවේ දීයි අමාත්‍යවරයා මේ බව දැනුම් දුන්නේ.

එසේම මීළඟ යල කන්නය සාර්ථක කර ගැනීම සදහා පොහොර ඇතුළු අවශ්‍ය සියලු පහසුකම් ලබා දෙන බවට අමාත්‍යවරයා සහතික වී තිබෙනවා.

මේ අනුව මීළඟ කන්නය සදහා මඩ පොහොර සම්පූර්ණයෙන් නොමිලේ ලබා දෙන බවත් යූරියා රුපියල් 10000 ක් හෝ ඊට අඩු මුදලකටත්, බන්ඩි පොහොර දැනට පවතින මිල ගණන්වලට වඩා අඩු මුදලකටත් ලබා දීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා.

එසේම ‍රුපියල ශක්තිමත් වීම තුළ එහි වාසිය ද ගොවියාට හිමිවන අතර ගොවිතැන සඳහා වියදම හැකිතාක් අඩු කිරීමට රජය උපරිම මැදිහත් වන බවයි අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේ.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යෝජිත සත්ව සුබසාධන පනත් කෙටුම්පත පිළිබඳව ද කාරක සභාවේදී අවධානය යොමු වුණා.

මෙම කෙටුම්පතෙහි අවශ්‍යතාව පිළිබඳව නීතිඥ ලලනි එස් පෙරේරා මහත්මිය ඇතුළු ආරාධිතයන් පිරිසක් විසින් මෙහිදී අදහස් දක්වනු ලැබුවා.

ඔවුන් පෙන්වා දුන්නේ සත්ව සුබසාධනය සඳහා දැනට මෙරට පවතින නීතිය ඉතා පැරණි වන අතර එය ප්‍රමාණවත් නොවන බවයි. දැනට මෙරට සත්ව සුබ සාධනය සදහා පවතින්නේ 1907 දී සම්මත වූ සත්ව හිංසනය වැළැක්වීමේ පනත බවත් නව ජාත්‍යන්තර නීති අනුව සත්ව සුබසාධනය සදහා නව පනතක් සකස් විය යුතු බවත් ඔවුන් සඳහන් කළා.

සත්ව සුබසාධනය සදහා නව නීති සකස් විය යුතු වුව ද කෘෂිකාර්මික හා සංස්කෘතික කටයුතු සදහා සතුන් යොදා ගැනීමේදී ඊට බලපෑමක් නොවන ලෙස මෙම නීති සකස් විය යුතු බවයි මෙහිදී ඇතැම් මන්ත්‍රීවරු පෙන්වා දුන්නේ.

එබැවින්, මේ පිළිබඳව තවදුරටත් ගැඹුරින් සාකච්ඡා කර අවසන් කෙටුම්පත සකස් කළ යුතු බව ද එම පිරිස ප්‍රකාශ කර තිබෙනවා.

මේ අනුව, ‍මීට අදාළ ලිඛිත ඉල්ලීම් ද සහිතව නැවත සති දෙකක කාලයකින් අමාත්‍යාංශ මට්ටමින් රැස්වී සාකච්ඡා කිරීමටත් මෙහිදී තීරණය වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු රෝගය ගැන දැනගත යුතුම කරුණු මෙන්න - කම්පන තත්ත්වයට යන්න පුළුවන්
14:59
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් කටාර් තානාපති කාර්යාලයට ගිය නි.ඇමති
01:56
Video thumbnail
මීගමු බන්ධනාගාර භූමියෙන් උණ්ඩ කොපු 271ක් හමුවෙයි..පසුදා වනතුරු බලය තිබුණේ රැඳවියන් සතුව - CID
05:33
Video thumbnail
කඩුවෙල බස්නැවතුම්පළ ඉදිරිපිට කාණුවේ මදුරු කීටයෝ පිරිලා - අවුරුදු ගාණක් තිස්සේ වතුර බහින්නේ නෑ
02:03
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
02:40
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
00:47
Video thumbnail
පාරම්පරික හෙළ වෛද්‍යවරුන් කොළඹ වටලයි
02:12
Video thumbnail
කොහොමද දිලිත්ගේ කාන්තා බලය
01:35
Video thumbnail
එන්න එන්නම දරුණු වෙන ඩෙංගුව ගැන විශේෂ හෙළිදරව්වක්
06:44