කුණු මාළු කන්ටේනර් 102ක් රට තුළට ගැනීමේ සිද්ධිය CID යට පැමිණිලි කරන්න – කෝපා කමිටුවෙන් උපදෙස්

නරක් වූ මාළු කන්ටේනර් 102ක් රටතුළට ගැනීමේ සිද්ධිය අපරාධමය කාරණාවක් බව පෙනී යන බැවින් ඒ සම්බන්ධව වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා ලබා දුන්නා.

එමෙන්ම ඒ සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශන කටයුතු මෙ‍ෙහයවන ලෙසටත් එම අවස්ථාවට සහභාගී වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ට දැනුම් දෙනු ලැබුවා.

සී ෂෙල්ස් සිට තායිලන්තය දක්වා ගමන් කළ නරක් වූ මාළු බහාලුම් සහිත නැවක් කොළඹ වරායෙන් රට තුළට ගැනීම පිළිබඳව විගණන විමසුමෙන් හෙළිදරව් වූ කරුණු පිළිබඳ පරීක්ෂා කිරීම සදහා රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නගේ ප්‍රධානත්වයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පසුගියදා (20) රැස්වූ අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදු කළා.

සී ෂෙල්ස් සිට තායිලන්තය දක්වා මාළු කන්ටේනර් 102 ක් (මෙ.ටො 2700කට අධික) සහිතව ප්‍රවාහනය කරන නෞකාවක් ශ්‍රී ලංකාව ආසන්නයේ මුහුදු සීමාවේ කාර්මික දෝෂයකට ලක්ව තිබුණා.

නෞකාවේ විදුලිය බිඳවැටීම නිසා මෙම මාළු නරක්වීමට ලක්ව ඇති බවත් අනාවරණය වුණා.

ඒ. අනුව එම නැව 2022.01.13 දින කොළඹ වරාය වෙත ළගා වී ඇති අතර, නැවෙහි අලුත්වැඩියා කටයුතු නිම වී පිටත්වීම වෙනුවට මෙම බහාලුම් මෙරටට ගැනීම ඔස්සේ ගැටලු රැසක් ඇති වී ඇති බවට විගණකාධිපති ඩබ්.පී.සී වික්‍රමරත්නමෙහිදී කරුණු දක්වා සිටියා.

හදිසි අවස්ථාවක නෞකාවට සිදුවන දෝෂයකදී ආසන්නතම වරායේ යම් පහසුකම් ලබාදීම සිදුකළ ද මෙරට රේගු ආඥා පනතට අනුව “පළුදු වූ දුගඳ හමන ආහාරයට නුසුදුසු ලෙඩරෝග සෑදෙන සුළු මාළු වර්ග, ධාන්‍ය වර්ග හා වෙනත් දේ ආනයනය තහනම්” බවට සදහන් කර තිබියදී මෙම මාළු තොගය මෙරටට ගොඩබෑමට තීරණය කිරීම ඉතා ගැටලු සහඟත බව ද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා.

මෙම නරක් වූ මාළු මෙරටට ගොඩබෑම පවතින නීතියට පටහැනි බැවින් රේගුව විසින් පත් කරන ලද ඉහළ රේගු නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක නිර්දේශ මත මෙරටට ගැනුම්කරුවෙක් ආනයනයකරුවෙක් ලෙස යොදා ගනිමින් නව කස්ඩෙක් (CUSDEC) අවසරයක් ලබාගෙන මෙම බහාලුම් මෙරටට ගොඩබා ඇති බවත් මෙහි දී අනාවරණය වුණා.

ආනයනය නොකළ බහාලුම් ආනයන ලෙස පෙන්වා දෙමින් මෙලෙස සිදුකිරීම වංචාවක් බවත්, මෙහිදී සාකච්ඡා වුණා.

එමෙන්ම ආනයනයක් ලෙස දක්වමින් ඉදිරිපත් කර ඇති ඉනිවොයිසියේ දිනය 2021.12.10 ලෙස සදහන්ව ඇති බවත් එය නැව වරායට පැමිණි 2022.01.13 දිනට පෙර දිනයක් බවත් ඒ අනුව එය ගැටලු සහගත බවත් විගණකාධිපතිවරයා පෙන්වා දුන්නා
.
කෙසේ වෙතත් ආනයන හා අපනයන පාලන ජෙනරාල්වරිය පැවසුවේ රේගු කමිටුවේ වාර්තාව පරිදි මධ්‍යම පරිසර අධිකාරියේ නිර්දේශ මත අදාළ ආයතනය කාබනික පොහොර නිෂ්පාදනය සඳහා මෙම මාළු ආනයනයට ඉල්ලීමක් යොමුවූ බවත් ආනයන හා අපනයන පාලන පනත අනුව අදාළ අවසරය හිමි වූ බවයි.

බහාලුම් 102න් 04ක් විනාශ කිරීමට ලක් කළ බවත් ඉතිරි 98න් 43ක් පොහොර නිපදවීම සදහා යොදා ගත් බවත් තවත් 40ක් ප්‍රතිඅපනයනය කළ බවත් තවත් 15ක් මෙරට තවමත් ඉතිරිව පවතින බවත් මෙහි දී අනාවරණය වුණා.

2023 ජූලි මාසයේදී සිදු කළ භෞතික පරීක්ෂාවකදී ඉතිරි වී ඇති බහාලුම් 15 ඇති නරක් වූ මාළුවලින් අධික දුඟද වහනය වන බවට නිරීක්ෂණය වී ඇති බවත් මෙහිදී සාකච්ඡා වුණා.

කාබනික පොහොර සෑදීමට යැයි පවසමින් රට තුළට ගත් මාළු බහාලුම් මෙලෙස ප්‍රතිඅපනයන කිරීමත් ගැටලු සහගත බව එහිදී වැඩිදුරටත් සාකච්ඡා කෙරුණා.

එමෙන්ම පොහොර සෑදීම සදහා මෙම මාළු තොගය ලබාගත් සමාගමේ ප්‍රධාන ව්‍යාපාරය, සැමන් නිෂ්පාදනය කිරීම වීම ගැටලු සහගත බවත් විගණකාධිපතිවරයා සඳහන් කළා.

කෙසේවෙතත් ඒ සම්බන්ධයේ පැමිණ සිටි රේගු නිලධාරීන් පැවසුවේ එය ව්‍යාපාර දෙකක් බවත් එසේ සැමන් සෑදීම සදහා
මෙම මාළු යොදා නොගත් බවට නිලධාරීන් සාක්ෂි දරන බවයි.

නැවක් ආපදාවට ලක්වූ විට උපකාර කිරීම කිසිදු ගැටලුවක් නැති වුවද මෙහිදී සිදුව ඇත්තේ එවැනි දෙයක් නොවන බවට පැහැදිළි වන බව කමිටු සභාපතිවරයා මෙහිදී පැවසුවා.

කිසිවකුත් ගැනීමට අකමැති වූ නරක් වූ මාළු තොගයක් රටතුළට ගැනීම බරපතල තත්ත්වයක් බවත් පරිසරයට හා ජීවිතවලට තර්ජනයක් වන බවත් ඒ ඔහු පෙන්වා දුන්නා.

එමෙන්ම මිනිස් පරිභෝජනයට මෙම මාළු යොදාගෙන ඇත්තේ ද යන්න පිළිබඳවත් සැකයක් මතුවන බවත් එසේම මෙම සමස්ත ක්‍රියාවලියේම ගැටලු රැසක් නිරීක්ෂණය වන බවත් ලසන්ත අලගියවන්න සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළා.

එසේම මෙම සිද්ධියට අදාළව අදාළ සියලු ආයතනවලින් සමන්විත කමිටුවක් පත් කර කොපමණ පොහොර ප්‍රමාණයක් නිපදවා ඇත්දැයි ක්ෂේත්‍ර චාරිකාවක් සිදුකර වාර්තා කරන ලෙස මීට පෙර 2024.01.23 දින පැවති කෝපා කමි‍ටුවේ දී ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවට නිර්දේශ කර තිබුණ ද එම කමිටුව පත් කර ඇත්තේ මෙම රැස්වීමට කැඳවීමේ ලිපි
ලැබීමෙන් පසු බවත් මෙහිදී අනාවරණය වුණා.

ඒ පිළිබඳව කමිටු සභාපතිවරයා සිය දැඩි අප්‍රසාදය පළ කළා.

එසේම මෙම සමස්ත ක්‍රියාදාමය විමර්ශනයේ දී කන්ටේනර් මෙරටට ගැනීම සදහා ඉතා උනන්දුවකින් රේගු නිලධාරීන් ක්‍රියාත්මක වී ඇති බව පෙනී යන බවත් එම උනන්දුව අනෙකුත් කටයුතු සදහාද තිබිය යුතු බවත් කාරක සභා සභාපතිවරයා පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55
Video thumbnail
කාන්තාවක් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - අනුරගේ ජනප්‍රියත්වය කෝ මේ ගමේ..ආණ්ඩුවම වල්මත්වෙලා දුවනවා
03:56