කුඩු සමඟ මාට්ටු වූ විදුහල්පති සැමියාගේ මන්ත්‍රී බිරිඳ මාලිමාවෙන් දොට්ට ? (වීඩියෝ)

හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකකට වැඩි ප්‍රමාණයක් සමඟ එප්පාවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මාලිමා නාගරික මන්ත්‍රීනියගේ සැමියා සහ පුත්‍රයා සම්බන්ධයෙන් මේ වනවිට සමාජ තුළ දැඩි කතාබහක් නිර්මාණයවී තිබෙනවා.

අත්අඩංගුවට පත් වූ අදාළ මන්ත්‍රීවරියගේ සැමියා විදුහල්පතිවරයෙක් වන බවත් ඔහු විසින් ඇඳගල ප්‍රදේශයේ පත්වාගෙන ගිය බව කියන හෝටලයක සඟවා තිබියදී අදාළ මත්ද්‍රව්‍ය සොයාගෙන ඇති බව සඳහන්.

විදුහල්පතිවරයා සමඟ ඔහුගේ විසිදෙ හැවිරිදි පුත්‍රයා ද අත්අඩංගුවට ගෙන ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.

ප්‍රධාන සැකකරුගේ බිරිඳ ජාතික ජනබලවේගයේ පෑළියගොඩ නගර සභාවේ මන්ත්‍රීවරියක් වන අතර අදාළ වැටලීම සිදු කර අවස්ථාවේදී ඇය එම හෝටලයේ රැඳි සිට ඇති බව පොලිස් ආරංචි මාර්ග කියා සිටියා.

අදාළ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මන්ත්‍රීවරියගේ පෑළියගොඩ පිහිටි නිවස ද පොලිසිය විසින් පරීක්ෂාවට ලක් කර ඇති බව ද සඳහන්.

මෙම මන්ත්‍රීවරිය වත්මන් ආණ්ඩුවේ ප්‍රබල කාන්තා දේශපාලනඥයකු සමඟ සම්බන්ධතා ඇති අයකු බවත්, ඒ හේතුවෙන් දීර්ඝ කාළයක් එප්පාවල පදිංචිව සිටි ඇයට පෑලියගොඩ වූ තම උපන් ගමින් පළාත් පාලන ඡන්දයට ඉදිරිපත්වීමට අවස්ථාව උදා වී ඇති බවටත් තොරතුරු වාර්තා වනවා.

සැකකරුවන් අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් ක්‍රියාත්මකයි.

මේ අතර අදාළ මන්ත්‍රීවරියට එරෙහිව පියවර ගැනීමට තීරණය කරන ඇති බවයි ජාතික ජනබලවේගයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
9
+1
32
+1
3
+1
3
+1
1
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ අයගේ අතීතය මතක් කරලා චානක කිව්ව දේ..මුදල් අරබුදයක් නෑනේ..බඩු මල්ල දුන්නනම් හොඳයි
03:29
Video thumbnail
ඉන්ධන පිරවුම් හල් අසල ඊයේ රාත්‍රියේත් දිගු ඉන්ධන පෝළිම්
00:29
Video thumbnail
වැල්ලවායේ ඉන්ධන පිරවුම් හල් අසල ඊයේ රාත්‍රියේත් දිගු ඉන්ධන පෝළිම්
00:52
Video thumbnail
රනිල් ආයේ දේශපාලනයට එන්නේ නැද්ද ?..මගේ මුළු ශක්තියම දාලා සජබ - එජාපය එකතු කරනවා
06:07
Video thumbnail
හිටපු ජනාධිපති රනිල්ගේ උපන්දිනයට සමගාමීව තිබූ පිංකමට රවි, රෝසි, තලතා ඇතුළු ප්‍රබලයින් රැසක්ම එයි
08:25
Video thumbnail
කවුද ප්‍රශ්නෙ හැදුවේ මහින්දද, නාමල්ද ?බස් ගාස්තු නිසා අසේලට නහුතෙටම තදවෙයි
02:53
Video thumbnail
ඉරාන මිසයිල ගැන ඇස් උඩයන කතාවක්
01:26
Video thumbnail
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ කාලය අඩු කිරීමට ජනපති අනුර සමඟ සාකච්ඡාවක්
00:57
Video thumbnail
සජිත් ප්‍රතිඥා දීලම ආණ්ඩුවට දැම්ම සැර සත්තම..ටෙලිකොම් එකේ ඉතුරු ටික මතකද ? ලිට්‍රෝ එක මතකද ?
08:52
Video thumbnail
අපිට තියෙන එකම විකල්පය සජිත් රටේ ජනාධිපති කරන එක..රාජ්‍ය සේවය වෙනුවෙන් වැඩියෙන්ම වැඩ කළේ අපි
02:39