කුඩා දරුවාගේ මරණයට ඇල්ලූ සැකකරු රිමාන්ඩ්

මාලඹේ හල්බරාව ප්‍රදේශයේ වැඩබිමකදී කුඩා දරුවෙකු ජිවිතක්ෂයට පත්වීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරු ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

සැකකරු අද අලුත්කඩේ අංක 06 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබා දී ඇත්තේ.

මෙම මරණයට අදාළව අත්අඩංගුවට ගැනුණු සැකකරු කොට්ටාව ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි අයෙක්.

ඔහු අදාළ දරුවා රැඳී සිටි වැඩබිමේ තණකොළ කපන්නෙකු ලෙස සේවය කළ පුද්ගලයෙක් වන අතර සැකකරු ඊයේ මුල්ලේරියාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණා.

තමා තණකොල කපමින් සිටියදී අත්වැරදීමකින් තණකොළ කපන යන්ත්‍රයේ තලය දරුවාගේ උදරයේ වැදී ඇද වැටුණු බවයි සැකකරු පොලිසිය හමුවේ ප්‍රකාශකර ඇත්තේ.

ඒ සම්බන්ධයෙන් ඇති වූ බියක් හේතුවෙන් අසල තිබූ බෝතලයක් බිඳ දමා අනතුර එමගින් සිදු වූ බවට පෙන්වීමට උත්සාහ කළ බව සැකකරු ප්‍රකාශකර තිබෙනවා.

පෙරේදා (08) සවස මුල්ලේරියාව පොලිසියට ලැබුණු තොරතුරකට අනුව හල්බරාව ප්‍රදේශයේ වැඩබිමක් ඉදිරිපිට දී මෙම මළ සිරුර සොයා ගැනුණා.

මෙලෙස ජිවිතක්ෂයට පත්වුණේ හල්බරාව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 5යි මාස 6ක් වයසැති දරුවෙක්.

ඒ අසළ දරුවාගේ එක් සෙරෙප්පුවක් දක්නට ලැබුණු අතර අනෙක් සෙරෙප්පුව දරුවාගේ පාදයේ රැඳී තිබූ බව සඳහන්.

මියගිය දරුවාගේ පියා වෙන්ව ජීවත් වන අතර මව දිවා කාලයේ රැකියාව සඳහා පිටත්ව යන හෙයින් දරුවා රැක බලා ගනු ලැබ ඇත්තේ ඔහුගේ මිත්තනිය සහ සීයා විසිනුයි.

දරුවා මිය යාමට පැයකට පමණ පෙර ප්‍රදේශයේම පදිංචි තවත් කාන්තාවක් දරුවා එම වැඩබිම ආසන්නයේ ගැවසෙන ආකාරය දැක තිබූ අතර ඇය පවසන්නේ එම අවස්ථාවේ තවත් පුද්ගලයෙක් ඒ අසළ තණකොළ කපමින් සිටි බවයි.

මේ සම්බන්ධයෙන් අදාළ කාන්තාව පැවසුවේ මෙවැන්නක්,

“මම වැඩ ඇරිලා එනකොට මේ පුතා වත්තේ මැදක් හරියේ හිටියා. 5ට 5ක් විතර වගේ මගේ හිතේ එතැනින් එන්න ඇත්තේ. ඒ වෙලාවේ තමයි එතන හිටියේ. මම ඊට පස්සේ කිව්වා පුතේ ඔතන සත්තු එහෙම ඉන්න හින්දා ඔතන ඉන්න එපා පුතේ උඩහට යන්න කියලා. එහෙම මම කියාගෙන බායි කියලා කියාගෙන ආවා.”

පොලිසිය පවසන්නේ දරුවාගේ මළ සිරුර තිබූ ස්ථානයට අඩි දෙකකට පමණ දුරකින් ලේ පැල්ලම් ද සහිතව කැඩුණු වීදුරු බෝතලයක් දක්නට ලැබුණු බවයි.

මුල්ලේරියාව හදිසි මරණ පරීක්ෂක චන්න පෙරේරා මහතා අද (09) උදෑසන එම ස්ථානයට පැමිණ ස්ථානීය පරීක්ෂණය සිදු කරනු ලැබු අතර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය මුල්ලේරියාව බෝවන රෝග විද්‍යායතනය වෙත යොමුකරනු ලැබුවා.

එහිදී හෙළිවී ඇත්තේ තියුණු තලයකින් උදරයට සිදු වූ තුවාල හමුවේ ලේ වහනය වීමෙන් මෙම දරුවා මියගොස් ඇති බවටයි.

එමෙන්ම මෙම දරුවා ලිංගික අතවරයකට ලක්ව නොමැති බවට ද හෙළිවී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
3
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නීතිඥ අජිත් රෝහණ නීතිය ගැන කිව්ව සුපිරි කතාව..රථවාහන නීතිය විනාඩි 10කට නැවැත්තුවොත් මොනවා වෙයිද ?
03:48
Video thumbnail
අධ්‍යක්ෂ නිල නිවසේ අවසරයකින් තොරව බිබී බජව් දාන හැටි..Party දදා ෆුල් Fun එකක් ගන්නේ
02:08
Video thumbnail
මුදල් නි.ඇමති අරුම පුදුම ප්‍රකාශයක්නේ කරන්නේ..ජනතාවගේ අසහනය වර්ධනය වෙලා
05:47
Video thumbnail
මහ මඟදි හමුවූ මහින්ද රාජපක්ෂගේ ඒ නිහතමානි හිනාව..හදවතටම දැනෙන වීඩියෝවක්
00:56
Video thumbnail
පොලිස්පතිගේ ජොබ් එකටත් ෂොට් එක..ශානි පොලිස්පති කරන්න යන්නේ ?සුගීෂ්වරගෙන් ආණ්ඩුවට රතු එළි
06:00
Video thumbnail
එජාපය ලෑස්ති ආණ්ඩුව පෙරලන්නද ?..ඩොලර‍ය වැඩිවෙනවා කියන්නේ ණය බිලියන ගාණකින් වැඩි වෙනවා
03:30
Video thumbnail
ආන්දෝලනාත්මක මල්වානේ නිවසේ ඇත්ත හිමිකරු මෙන්න..ඇස් උඩයන කරුණු රැසක් එළියට..අධි Security VIP House
17:00
Video thumbnail
ලක්ෂ 12කට කාර් ගන්න නේද කට්ටිය ඡන්දය දුන්නේ ?සීලරතන හිමිට හරිම හිනා
03:14
Video thumbnail
මොකෙක්ද මේ NPP හෙංචයියෝ ටිකක් මේ රෝහලා කනවා..අපිලගේ සාදු කුපිත නලින්දට හොඳම එකෙන් දෙසයි
04:15
Video thumbnail
මල්වානේ යැයි කියූ වීඩියෝවේ ඇත්ත නැත්ත මෙන්න.."ආතල් ගන්න ඕනිනම් පොඩි ආතල් එකක් ගන්න"
06:20