කුකුල් මස් කටු අතර සඟවා බන්ධනාගරයට මත්කුඩු ගෙනා කතක් මාට්ටු

කළුතර බන්ධනාගාරයේ රදවා සිටින සිය සැමියාට ලබාදීම සදහා හෙරෝයින් මත්කුඩු කුකුල් මස් කටු අතර සගවාගෙන පැමිණි කාන්තාවක බන්ධනාගාර නිළධාරීන් විසින් නිරීක්ෂණය කිරීමෙන් පසු කළුතර උතුර පොලිසියට භාරදීමෙන් අනතුරුව අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හැවිරිදි පයාගල මුලටිවන ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි කාන්තාවක බව පොලිසිය කීය.

සැකකාර කාන්තාව අවුරුදු හයක් වයසැති සිය දියණිද කැටුව විත් සිට ඇතැයිද පොලිසිය පැවසිය.

හෙරොයින් මත්කුඩු සම්බන්ධයෙන් වූ නඩුවකට කළුතර මල්වත්ත බන්ධනාගාරයේ රදවා සිටින සැමියා බැලීමට සැකකාරිය සිය අවුරුදු හයක් පමණ වයසැති දියණියද සමග පැම්ණ සිට ඇත.

ඇය සැමියාට ලබාදිම සදහා කුකුල් මස් පාර්සලයක් රැගෙන පැමිණ ඇති අතර ,බන්ධනාගාර නියාමක උමයංග සිල්වා සහ කාන්තා නියාමිකා තරංගනී යන දෙදෙනා විසින් පරීක්ෂා කිරීමේදී රැගෙන ආ කුකුල් මස් වල කටු අතර සූක්ෂම ලෙස සගවා තිබූ හෙරෝයින් මත්කුඩු මීලිග්‍රැම් 550 ක් සොයාගෙන ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කරයි.

සැකකාරිය කළුතර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
2
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !