කිලෝ 155 ක බර අඩුකරගත් යෝධ ගායකයා ආනන්ද් සාමි

සුන් සරා.. සෝනියේ සුන් සරා.. වැනි අතිශය ජනප්‍රිය ගීත රැසක හිමිකරුවන ආනන්ද් සාමි පිළිබදව වර්ථමානයේ වැඩිවශයෙන් කතාබහට ලක්වන්නේ ඔහුගේ ගීත ගැන නොව ඔහු සියල්ලන් පුදුම කරමින් ඔහුගේ කිලෝ 220 ක පමණ වු අධික බර කිලෝ 65 කට පමණ අඩුකර ගැනීම සම්බන්ධවයි.

ප්‍රසිද්ධ උත්සවයකදී ආනන්ද් මාධ්‍යයට ආඩම්බරයෙන් පැවසුවේ “කිලෝ 220 සිට මම කිලෝ 155 ක් පමණ බර අඩු කර ගත්තා, ඒක ඔබේ ශරීරයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අයින් කළා වගෙයි ” යනුවෙනි. බොහෝ විට දැන් සිදු වන්නේ මිනිසුන්ට මාව හඳුනා ගැනීමට නොහැකි වීමයි. නමුත් මම එය කල බවට මට සතුටුයි. මේ තුලින් මට විශාල ශක්තියක් ලැබුනා.. යනුවෙන්ද ඔහු වැඩිදුරටත් පවසා ඇත.

බොහෝ දෙනෙක් මොහු ශල්‍යකර්මයක් මගින් බර අඩුකරගත් බවට පැවසුවත් ඔහු එය එකහෙලාම ප්‍රතික්ෂේප කරයි. ආනන්ද් වසා ගැටිති සඳහා ශල්‍යකර්මයකට භාජනය වූ අතර එය ඔහුගේ ගමනේ හැරවුම් ලක්ෂ්‍යය ද විය. ශල්‍යකර්මය සඳහා ඔහුට මාස තුනක් ඇඳ විවේකයෙන් සිටීමට සිදු විය. ඔහු අධික බරින් යුක්ත වූ නිසා, ඔහුගේ මාංශ පේශී වල ඇති අධික මේදය හේතුවෙන් හුස්ම ගැනීමේ අපහසුතා පවා ඇති වී ඇති අතර ඔහුගේ වෛද්‍යවරුන් පවසා තිබුනේ ඔහුගේ අතිරික්ත බර අඩුකරනොගතහොත් ඔහු ජීවත් වන්නේ තවත් මාස හයක් පමණක් බවයි. ඉන් පසු ඔහු බර අඩුකර ගැනීමට අධිෂ්ඨාන කරගෙන ඇත. මොහුගේ බර අඩු කරගැනීමේ මෙහෙයුමට පවුලේ අය සහ මිතුරන්ද විශාල සහයෝගයක් ලබා දී ඇත.

වහා පෝෂණවේදියෙකු හමුවී ඔහු කෑම පාලනයටත්, ව්‍යායාම වලටත් නිසි ලෙස පිවිසී ඇත. අධික බර අඩුකර ගැනීමේ ක්‍රියාවලිය ඇරඹීමට පෙර වසන් වරට ඔහු වඩාත් ප්‍රියකල චීස් කේක් වැනි පැණි රසැති ආහාර විශාල ප්‍රමාණයක් ආහාරයට ගත් බවද සදහන්.

ඔහු තම ව්‍යායාම ක්‍රියාවලිය ආරම්භ කිරීමට පෙර ඔහුගේ පෝෂණවේදියා විසින් යෝජනා කල පරිදි අඩු කාබ්ස් සහ අධික ප්‍රෝටීන් සහිත ආහාර වේලක් අනුගමනය කර ඇත. ඒ වන විට ආනන්ද් කොතරම් තරබාරුවීද යත් ඔහුට ඔහුගේ කකුල් නොපෙනේ. කිසිවක් ගැනීමට පහතට නැමීමට නොහැකි විය. කෙසේ වෙතත් ඔහුගේ ආසාව සහ කැපවීම නිසා මාස 16ක් වැනි කෙටි කාලයකදී කිලෝග්‍රෑම් 150ක් පමණ යුතු ඔහුගේ අධික බර ව්‍යායාම හා ආහාර පාලනය මගින් පමණක් අඩුකර ගැනීමට ඔහු සමත් විය.

” උත්සහය හා කැපවීම තිබෙනවනම් මම තරම් බර නැති ඔබටත් අනවශ්‍ය කෑම බීම පාලනය මගින් උනත් සැහැල්ලු සිරුරකට හිමිකම් කියන්න පුලුවන්. අධික පැනිරසට, කාබෝහයිඩ්රේට් අඩංගු කෑමට සමුදෙන්න එය ඔබේ ගමන ඉක්මන් කරාවි.. “



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14