කිරින්ද වෙරළ තීරයෙන් පසුගිය දා සොයාගත් ‘අයිස්’ මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කළ බවට සැක කෙරෙන යාත්‍රාවක් සමඟ සැකකරුවන් පස්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තංගල්ල ප්‍රදේශයේ දී ඊයේ (15) මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදුකරන ලද මෙහෙයුමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගොඩබිමට ප්‍රවාහනය කරමින් තිබූ විෂ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300කට අධික ප්‍රමාණයක් සමඟ කිරින්ද අඳගලවැල්ල වෙරළ තීරයේ දී සැකකරුවන් අටදෙනෙකු පසුගිය 12 වනදා අත්අඩංගුවට ගනු ලැබුවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දින 7ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබා දී තිබෙනවා.




