කිඹුලා ඇළේ ගුණාගේ සමීපමතයෙකු අයිස් මත්ද්‍ර‍ව්‍ය සමග අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය ව්ශේෂ මෙහෙයුම් අංශ iii හි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව එහි ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඒ.එන්.ටී කුමාර් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් (05) ඊයේ දින විදේශ ගතව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම හසුරුවන ලබන ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සින්නයියා ගුණසේකරමි හෙවත් කිඹුලා ඇළ ගුණා යන අයගේ සමීපතමයෙකු වන වයස අවුරුදු 43 ක ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ වදුල්ලවත්ත, සුනන්ද විහාරය ඉදිරිපිට දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 76 සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.