කැලෑ ගිනි තබන්නන්ට සහ සතුන් දඩයම් කරන්නන්ට එරෙහිව නීති දැඩි වෙයි

කැලෑ ගිනි තබන්නන්ට සහ වන සතුන් දඩයම් කරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

අමාත්‍යවරිය මේ බව සඳහන් කළේ වනාන්තර ගිනි තැබීම් වැළැක්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.

වනාන්තර ගිනි තැබීම වැළැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග සහ ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට ද එහිදී යෝජනා වී තිබෙනවා.

ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක බලකාය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වනජීවී දෙපාර්තමේන්තුව ඒකාබද්ධව දිස්ත්‍රික් මට්ටමෙන් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කිරීමටයි එහිදී යෝජනා වී ඇත්තේ.

වන රක්ෂිත ආරක්ෂා කිරීම හා කැලෑ ගිනි තබන්නන් පිළිබඳව අවධානයෙන් කටයුතු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශ්‍ය මගින් පාසල් දරුවන් දැනුවත් කිරීම එක් වැඩපිළිවෙලක්.

පොලිසිය මගින් ග්‍රාමීය මට්ටමින් පිහිටුවා ඇති සිවිල් ආරක්ෂක කමිටුවල සහාය ලබා ගනිමින් වනාන්තර ආරක්ෂා කිරීමට හා ඒවාට හානි කරන්නන් පිළිබඳව අවධානයෙන් කටයුතු කිරීමට සහාය ලබා ගැනීමට කටයුතු කළයුතු බව ද අමාත්‍යවරිය මෙහිදී ප්‍රකාශ කළා.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත රජයේ නිලධාරීන්ගේ සහයෝගය ලබා ගනිමින් ග්‍රාම සේවා වසම් මට්ටමෙන් වනාන්තර ආශ්‍රිතව ඇති ගම්මානවල ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ද එහිදී තීරණය වී තිබෙනවා.

හදිසි අවශ්‍යතාවයකදී පළාත් පාලන ආයතනවල ඇති ගිනි නිවීමේ ඒකකවල සහයෝගය ලබා ගැනීමට ද එහිදී තීරණය කෙරුණා.

ඇතැම් මාධ්‍ය මගින් වැරදි තොරතුරු සමාජ ගත කරන අතර නිවැරදි තොරතුරු මාධ්‍ය මඟින් ප්‍රචාරය කර ජනතාව දැනුවත් නොකළහොත් සාවද්‍ය මත සමාජගත වන බැවින් එය නිවැරදි කිරීමට නම් අදාළ ආයතන ප්‍රධානීන් සත්‍ය කරුණු ජනතාවට පැවසිය යුතු බවයි වනජීවී අමාත්‍යවරිය කියාසිටියේ.

වනාන්තර ආරක්ෂා කිරීම සඳහා යුද හමුදාව, විශේෂ කාර්ය බලකාය, පොලිසිය, සිවිල් ආරක්ෂක බලකාය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, අදාළ පළාත් පාලන ආයතන ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු ආරක්ෂක අංශවල සහාය ලබා ගන්නා ලෙස ද අමාත්‍යවරිය නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

මෙම අවස්ථාවේදී ලැව් ගිනි නතර කිරීමට ගන්නා ක්‍රියාමාර්ග ලෙස ගිනි පටි කැපීම සහ ජල සම්පීඩක යන්ත්‍ර යොදා ජලපාලනය සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡාවට ලක්වුණා.

ඒ සඳහා අදාළ යන්ත්‍ර සූත්‍ර මිලදී ගැනීම සම්බන්ධයෙන් ද අවධානය යොමු වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17