කිලිනොච්චිය පුදුමුරිප්පු වැවේ වාරි ඇලක තිබී කැපුම් තුවාල සහිතව මිය ගිය පුද්ගලයෙකුගේ මෘත ශරීරයක් අද 08 සවස සොයා ගත් බව කිලිනොච්චිය පොලිසිය සදහන් කරයි.
එම ස්ථානයෙන් ගමන් ගත පුද්ගලයින් පිරිසක් මෙම මෘත සරීරය දැක ඒ පිළිබද පොලිසිය දැනුවත් කොට තිබේ.
මෙසේ හමුවූ සිරුර කිලිනොච්චි කොනවිල් රාජන්කුඩිඉරිප්පු ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 36 ක් පමණ වන පි.සත්‍යරාජ් නමැති පුද්ගලයාගේ බවට පොලිසිය හදුනාගෙන ඇත
මේ වන විට මෘත ශරීරය කිලිනොච්චිය දිසා රෝහලේ තබා ඇති අතර කිලිනොච්චිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.













