කැනේඩියානු මහ කොමසාරිස් හා චාල්ස් අතර හමුවක්

උතුරු පළාත් ආණ්ඩුකාර පී. එස්. එම්. චාල්ස් මහත්මිය, ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වේල්ස් හා ජාත්‍යන්තර සංවර්ධන සඳහා කැනඩාවේ නියෝජ්‍ය අමාත්‍ය ක්‍රිස්ටෝපර් මැක්ලෙනන් අතර සාකච්ජාවක් ඊයේ (29) යාපනය පිහිටි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පවත්වා තිබෙනවා.

උතුරු පළාතේ නැවත පදිංචි කිරීම, බිම්බෝම්බ ඉවත් කිරීම, ඉඩම් නිදහස් කිරීම හා පළාතේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය සම්බන්ධයෙන් දෙපාර්ශවය එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

කාන්තා මූලික පවුල් සංවර්ධනය කිරීම, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාවසායකින් දියුණු කිරීම සම්බන්ධයෙන්ද කැනේඩියානු මහ කොමසාරිස්වරයා හා ආණ්ඩුකාරවරිය සාකච්ජා කළහ.

උතුරු පළාත් අධ්‍යාපන හා සෞඛ්‍යය අංශයේ සංවර්ධනය වෙනුවෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය වැඩි අවධානයක් යොමුකොට ඇති බවද ආණ්ඩුකාරවරිය එහිදි සඳහන් කළ අතර පසුගිය දින කිහිපයේදී උතුරු පළාතේ සෑම රෝහලකම සෞඛ්‍ය පහසුකම් නංවාලීමේ වැඩසටහන් දියත් කළ බවද පැවසුවාය.

ඉදිරියේදීත් උතුරු පළාතේ සංවර්ධන කටයුතු වෙනුවෙන් අවශ්‍ය සහයෝගය ලබාදීමට සුදානම් බව කැනඩා නියෝජිතයින් එහිදි පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් ආයේ දේශපාලනයට එන්නේ නැද්ද ?..මගේ මුළු ශක්තියම දාලා සජබ - එජාපය එකතු කරනවා
06:07
Video thumbnail
හිටපු ජනාධිපති රනිල්ගේ උපන්දිනයට සමගාමීව තිබූ පිංකමට රවි, රෝසි, තලතා ඇතුළු ප්‍රබලයින් රැසක්ම එයි
08:25
Video thumbnail
කවුද ප්‍රශ්නෙ හැදුවේ මහින්දද, නාමල්ද ?බස් ගාස්තු නිසා අසේලට නහුතෙටම තදවෙයි
02:53
Video thumbnail
ඉරාන මිසයිල ගැන ඇස් උඩයන කතාවක්
01:26
Video thumbnail
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ කාලය අඩු කිරීමට ජනපති අනුර සමඟ සාකච්ඡාවක්
00:57
Video thumbnail
සජිත් ප්‍රතිඥා දීලම ආණ්ඩුවට දැම්ම සැර සත්තම..ටෙලිකොම් එකේ ඉතුරු ටික මතකද ? ලිට්‍රෝ එක මතකද ?
08:52
Video thumbnail
අපිට තියෙන එකම විකල්පය සජිත් රටේ ජනාධිපති කරන එක..රාජ්‍ය සේවය වෙනුවෙන් වැඩියෙන්ම වැඩ කළේ අපි
02:39
Video thumbnail
ඉරාන මිසයිල ඉලක්ක බටහිරට හැරෙයි ද ?අමෙරිකාවේ සාකච්ඡා කුණු කූඩයට දමා යළි ඇවිලෙන හැටි..
09:04
Video thumbnail
දිවයින පුරා බොහෝ ප්‍රදේශවලට දැඩි උණුසුම් කාලගුණික තත්ත්වයක්..හැකි තරම් දියර ද්‍රව්‍ය පානය කරන්න
04:26
Video thumbnail
නැගෙනහිර පළාත ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉන්ධන නැහැ..ආණ්ඩුවට කශේරුකාවක් නැද්ද ?
06:28