කැනේඩියානු මහ කොමසාරිස් හා චාල්ස් අතර හමුවක්

උතුරු පළාත් ආණ්ඩුකාර පී. එස්. එම්. චාල්ස් මහත්මිය, ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වේල්ස් හා ජාත්‍යන්තර සංවර්ධන සඳහා කැනඩාවේ නියෝජ්‍ය අමාත්‍ය ක්‍රිස්ටෝපර් මැක්ලෙනන් අතර සාකච්ජාවක් ඊයේ (29) යාපනය පිහිටි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පවත්වා තිබෙනවා.

උතුරු පළාතේ නැවත පදිංචි කිරීම, බිම්බෝම්බ ඉවත් කිරීම, ඉඩම් නිදහස් කිරීම හා පළාතේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය සම්බන්ධයෙන් දෙපාර්ශවය එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

කාන්තා මූලික පවුල් සංවර්ධනය කිරීම, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාවසායකින් දියුණු කිරීම සම්බන්ධයෙන්ද කැනේඩියානු මහ කොමසාරිස්වරයා හා ආණ්ඩුකාරවරිය සාකච්ජා කළහ.

උතුරු පළාත් අධ්‍යාපන හා සෞඛ්‍යය අංශයේ සංවර්ධනය වෙනුවෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය වැඩි අවධානයක් යොමුකොට ඇති බවද ආණ්ඩුකාරවරිය එහිදි සඳහන් කළ අතර පසුගිය දින කිහිපයේදී උතුරු පළාතේ සෑම රෝහලකම සෞඛ්‍ය පහසුකම් නංවාලීමේ වැඩසටහන් දියත් කළ බවද පැවසුවාය.

ඉදිරියේදීත් උතුරු පළාතේ සංවර්ධන කටයුතු වෙනුවෙන් අවශ්‍ය සහයෝගය ලබාදීමට සුදානම් බව කැනඩා නියෝජිතයින් එහිදි පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?