කැනඩාවෙන් ගුවන්බඩු ගම්මානයට ආ ලක්ෂ ගණනක් වටිනා කුෂ්

රුපියල් අනූ හතර ලක්ෂ පහළොස් දහසක් වටිනා “කුෂ්” ගංජා මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් තැපැල් සේවය ඔස්සේ, ත්‍යාග පාර්සලයක් ලෙස සඳහන් කරමින් කටුනායක ගුවන් බඩු ගම්මානය වෙත එවා තිබිය දී, එම පාර්සලය රැගෙන යාමට පැමිණි පුද්ගලයෙකු ද සමග රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අප ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ ඊයේ (02) පස්වරුවේ මෙම නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සහ සැකකාර පුද්ගලයාව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දී ඇති බවයි.

කැනඩාවේ සිට ඩුබායි හරහා පිළියන්දල ප්‍රදේශයේ ලිපිනයකට, මෙම පාර්සලය කටුනායක ගුවන්තොටුපොළ ගුවන් බඩු ගම්මානය වෙත ගුවන් තැපැල් සේවය ඔස්සේ සැප්තැම්බර් මස 26 වැනි දින ලැබී තිබුණා.

සැක කටයුතු පාර්සලය භාර ගැනීමට පැමිණි පුද්ගලයා ඉදිරිපිට දී රේගු නිලධාරීන් විසින් විවෘත කර පරීක්ෂා කර බැලීමේ දී , කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 883 ක් බර “කුෂ් ” මත්ද්‍රව්‍ය තොගය නිරීක්ෂණය වූ බවයි වාර්තා වන්නේ.

සැකකාර තැනැත්තා ජා – ඇළ , කොටුගොඩ ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙකු බවත් හෙළි ව තිබෙනවා.

සැකකරු අද (03) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32