කැනඩාවෙන් ගුවන්බඩු ගම්මානයට ආ ලක්ෂ ගණනක් වටිනා කුෂ්

රුපියල් අනූ හතර ලක්ෂ පහළොස් දහසක් වටිනා “කුෂ්” ගංජා මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් තැපැල් සේවය ඔස්සේ, ත්‍යාග පාර්සලයක් ලෙස සඳහන් කරමින් කටුනායක ගුවන් බඩු ගම්මානය වෙත එවා තිබිය දී, එම පාර්සලය රැගෙන යාමට පැමිණි පුද්ගලයෙකු ද සමග රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අප ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ ඊයේ (02) පස්වරුවේ මෙම නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සහ සැකකාර පුද්ගලයාව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දී ඇති බවයි.

කැනඩාවේ සිට ඩුබායි හරහා පිළියන්දල ප්‍රදේශයේ ලිපිනයකට, මෙම පාර්සලය කටුනායක ගුවන්තොටුපොළ ගුවන් බඩු ගම්මානය වෙත ගුවන් තැපැල් සේවය ඔස්සේ සැප්තැම්බර් මස 26 වැනි දින ලැබී තිබුණා.

සැක කටයුතු පාර්සලය භාර ගැනීමට පැමිණි පුද්ගලයා ඉදිරිපිට දී රේගු නිලධාරීන් විසින් විවෘත කර පරීක්ෂා කර බැලීමේ දී , කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 883 ක් බර “කුෂ් ” මත්ද්‍රව්‍ය තොගය නිරීක්ෂණය වූ බවයි වාර්තා වන්නේ.

සැකකාර තැනැත්තා ජා – ඇළ , කොටුගොඩ ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙකු බවත් හෙළි ව තිබෙනවා.

සැකකරු අද (03) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රිමාන්ඩ් එකේ ඉදලා ඇවිත් චාමර ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - හොරට විභාග ලිව්වා කියලා තුටු පඬුරු දෙනවද ?
04:07
Video thumbnail
සුජීව ආණ්ඩුවට රිදෙන්නම දෙයි - තනිකරම හොරකමනේ වෙන්නේ..මෙන්න මූ මාස 3න් වැටිලා ඉන්නේ
14:48
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46
Video thumbnail
සොයිසාපුර වෙ# තැබීම දුටු සේවකයෙක් හෙළිකළ දේ - "මහත්තයට දුවාගන්න බැරිවුණා..දුවනකොට වැදුණා"
02:21
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.21
00:00