කැඩුණු පාලම් 880ක් හදන්න අනුමැතිය

පළාත් පාලන ආයතනවල කුඩා පාලම් තිරසරව වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ, අනුව දිවයිනේ දිස්ත්‍රික්ක 25 තුළ පළාත් පාලන ආයතන 229 ක බල සීමාවන්හි පවතින වැඩිදියුණු කළ යුතු පාලම් 880ක් ප්‍රමුඛතා පදනමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

රුපියල් මිලියන 6,793.03 ක් වූ ඇස්තමේන්තුගත මුළු පිරිවැයක් යටතේ, 2026 වසරේ සිට 2029 වසර දක්වා කාලය තුළ, මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?