spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කැකිරාවේ දී ඇල්ලූ හොර දොස්තර (ඡායාරූප)

සුදුසුකම් නොමැතිව බටහිර වෛද්‍යවරයකු ලෙස කටයුතු කරමින් කැකිරාව නගරයේ පුද්ගලික බෙහෙත් ශාලාවක් පවත්වාගෙන ගිය පුද්ගලයෙක් ඖෂධ තොගයක් ද සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ අනුරාධපුර ආහාර හා ඖෂධ පරීක්ෂක නිලධාරීන් එක්ව සිදුකළ මෙහෙයුමක දී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු විසින් කලක සිට කැකිරාව නගරයේ පුද්ගලික බෙහෙත් ශාලාවක් පවත්වාගෙන ගොස් ඇති අතර, එහිදී ඔහු නිසි සුදුසුකම් සපුරා නොමැතිව රෝගීන් සඳහා බටහිර ඖෂධ නිකුත් කිරීමත්, ඇතැම් රෝගීන්ට යම් යම් ශල්‍යකර්ම ද සිදුකර ඇති බවත් අනාවරණය වී තිබෙනවා.

මෙම වැටලීමේ දී එම පුද්ගලික බෙහෙත් ශාලාව තුළ තිබී රෝගීන්ට නිකුත් කිරීමට රැගෙනවිත් තිබූ බටහිර ඖෂධ තොගයක් ද සිය භාරයට ගැනීමට වැටලීම සිදුකළ නිලධාරීන් කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

බෙහෙත් ශාලාව තුළ සිදුකළ සෝදිසි කිරීමේ දී ශල්‍යකර්ම සිදුකිරීමෙන් පසු ඉවත් කළ ලේ තැවරුණ පුළුන් ආදීය ද සොයාගැනීමට හැකිව තිබෙනවා.

අත්දන්ගුවට ගැනුණු සැකකරු සම්බන්ධයෙන් වූ විමර්ශන අවසන් කිරීමෙන් පසු ඔහුට එරෙහිව නීතිමය පියවර ගන්නා බව කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
10
+1
10
+1
8
+1
4
+1
1
+1
10
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?