කාසියේ වාසිය ඉන්දියාවට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර තීරණාත්මක තුන්වන T20 තරගය අද පැවැත්වෙනවා.

ඒ රාජ්කොට් හිදීයි.

තීරණාත්මක තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි.

මෙම T20 තරගාවලියේ පළමු තරගයෙන් ඉන්දියාව ජයගත් අතර දෙවන තරගයේ ජය ශ්‍රී ලංකාවට හිමිවුණා.

එබැවින් T20 තරගාවලියේ ජය හිමි කර ගැනීම සඳහා මෙම තරගය දෙරටටම අතිශයින් වැදගත්.

අද දිනයේ ඉන්දීය කණ්ඩායමේ කිසිදු වෙනසක් සිදුවී නැහැ. ඒ අනුව දෙවන තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම අද දිනයේ ශ්‍රී ලංකාව සමග තරගයට පිටියට පිවිසෙනු ඇති. ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදුවී තිබෙනවා. ඒ භානුක රාජපක්ෂ වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු අද තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමට නම්කර තිබීමයි.

අද (07) තරගයේ ජය ශ්‍රී ලංකාවට වැදගත්.

ඒ 2019 වසරෙන් පසු සිය මව්බිමේදී T20 තරගාවලි පරාජයක් ලබා නොමැති ඉන්දීය කණ්ඩායමේ එම ජයග්‍රාහී ගමනට නිමාවට තැබීමට ශ්‍රී ලංකාවට අවස්ථාව උදාවීමයි.

ඉන්දියාව අවසන් වරට ඔවුන්ගේ මව්බිමේදී T20 තරගාවලි පරාජයක් ලබා ඇත්තේ 2019 වසරේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති තරගාවලියේදීයි.

එම තරගාවලියෙන් පසු ඉන්දියාව සහභාගි වූ විස්සයි-20 තරගාවලි 11 දීම අපරාජිත භාවය රැක ගැනීමට ඉන්දියාව සමත්ව සිටිනවා.

මෙම තරගයට පෙර පැවැති පළමු තරගයෙන් ඉන්දියාව ලකුණු 02ක ජයක් ලබද්දී දෙවැනි තරගයෙන් ලකුණු 16 ක ජයක් ලද ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය 1-1ක් ලෙස සම තත්ත්වයට පත් කර ගැනීමට සමත් වුණා. මේ නිසාම අද තරගය අවසන් මහ තරගයක් ස්වරූපයක් ගෙන ඇත්තේ ජයග්‍රාහී පිලට තරගාවලියේ ජය ද හිමිවීම හේතුවෙන්.

ශ්‍රී ලංකාව අසාර්ථක භානුක රාජපක්ෂ වෙනුවට අවිශ්ක ප්‍රනාන්දුව කැදවමින් තරගයට අවතීර්ණව සිටිනවා.

අවිශ්ක ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර තරගයකට පිවිසෙන්නේ මාස 11කට පසුවයි.

2022 වසරේ පෙබරවාරි මස ඔස්ට්‍රේලියාවට එරෙහිව සිඩ්නිහි පැවැති තරගය අවිශ්ක අවසන් වතාවට ක්‍රීඩාකර ඇති තරගය වන අතර එම තරගයෙන් පසුව පැවැති පුහුණු සැසියක් අතරතුරදී දණහිස පැනීමේ ආබාධයකට මුහුණ දුන්නා.

එබැවින් ඔහුට ගෙවී ගිය මාස ගණනාවක්ම විවේකයෙන් සිටීමටයි සිදුවුයේ. නිමාවට පත් වු එල්.පී.එල්. තරගාවලියේදී නැවතත් ක්‍රීයාකාරී ක්‍රීඩාවට පිවිසි දකුණත් පිතිකරුවා එම තරගාවලියේ දක්ෂතම පිතිකරු සම්මානයෙන් ද පිදුම් ලැබුවේ තරග 10 කදී මුලු ලකුණු 339ක් ලබා ගනිමින්.

තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වුණු 24 හැවිරිදි පිතිකරුවාගේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 37.77 ක් ලෙස සටහන් කරගත්තේ ප්‍රහාරාත්මක වේගය 124.63 ක් රදවා තබා ගනිමින්.

ඉන්දියාව – ඉෂාන් කිෂාන්, ශුබ්මන් ගිල්, සූර්යකුමාර් යාදව්, රාහුල් ට්‍රිපාටි, හර්දික් පාණ්ඩ්‍යා (නායක), දීපාක් හූඩා, අක්සාර් පටෙල්, ශිවාම් මාවි, උමර් මලික්, යුස්වේන්ද්‍ර චෙහෙල්, අර්ශ්දීප් සිං.

ශ්‍රී ලංකාව – පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, අවිශ්ක ප්‍රනාන්දු, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, දසුන් ශානක (නායක), වනිදු හසරංග, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ, කසුන් රජිත, ඩිල්ෂාන් මදුශංක.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
tan postතංගල්ලේ තැපැල් සේවකයන් අණබෙර වයමින් නගරයේ කරපු දේ - තැපැල් පෙට්ටි උස්සගෙන
01:15
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51