AFC Banner
Empty Ad
Empty Ad

කාශ්මීරයේ වසර 10කට පසු මැතිවරණයක්

ඉන්දියාවේ පාලනය සහිත කාශ්මීරයේ වසර 10කට පසු මැතිවරණයක් පවත්වා තිබෙනවා.

ජම්මු සහ කාශ්මීර් ප්‍රාන්තය මේ වන විට ෆෙඩරල් පාලන ප්‍රදේශ දෙකකට බෙදී ඇති බව සඳහන්.

ඡන්දය ප්‍රකාශ කිරීමේ තෙවැනි දිනය සහ අවසන් අදියර එලඹෙන අඟහරුවාදා (01) පැවැත්වෙන අතර ප්‍රතිඵල ඔක්තෝම්බර් 08 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

1990 ගණන්වල සිට, මෙම කලාපයේ ඉන්දියානු පාලනයට එරෙහිව සන්නද්ධ බෙදුම්වාදී කැරැල්ලක් මෙන්ම සිවිල් වැසියන් සහ ආරක්ෂක හමුදා ඇතුළු දහස් ගණනකගේ ජීවි බිලිගෙන තිබුණා.

කාශ්මීර් ප්‍රදේශයේ ප්‍රජාව විදෙස් මාධ්‍යයට අදහස් දක්වා ඇත්තේ, මැතිවරණ සමයක් එළඹෙන තෙක් බොහෝ කලක් බලාසිටි බවයි.

වසර පහක් තිස්සේ ජම්මු සහ කාශ්මීරය ප්‍රාදේශීය නියෝජනයකින් තොරව ෆෙඩරල් පාලනය යටතේ පවතින අතර, මෙම මැතිවරණය ජනතාවට ඔවුන්ගේ ගැටළු ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලබාදෙන බවයි විදෙස් මාධ්‍ය්‍ය තවදුරටත් පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?