spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ අද රාත්‍රියේ කළුතර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මි.මී 150 ට වැඩි ඉතා තද වැසි ඇතිවන බවයි.

එමෙන්ම සබරගමුව පළාතේ සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100 ට වැඩි තද වැසි ද ඇති විය හැකි අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු දැනුම් දෙනවා.

බදුල්ල, ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්ක සඳහා එම නායයෑමේ අනතුරු ඇගවීම් නිකුත් කර ඇති අතර බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර, ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව සහ නාගොඩ, කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, අගලවත්ත, බුලත්සිංහල සහ පාලින්දනුවර යන ප්‍රදේශවලට එම නායයෑමේ අනතුරු ඇගවීම් පනවා තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
2
+1
2
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?