කාන්තා හිංසන අවම කරන්න පොදු ප්‍රවාහනයට CCTV කැමරා

කාන්තාවන් රැකියා සඳහා විදේශගත වීමේදී තම දරුවන්ගේ අවම වයස් සීමාව අවුරුදු 02 වෙනුවට යළිත් පෙර පැවති අවුරුදු 05 සීමාව දක්වා සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා.

එමෙන්ම අවුරුදු 05ට අඩු දරුවන් සිටින මව්වරුන් කොපමණ ප්‍රමාණයක් මේ වන විට විදේශගත වී ඇත්දැයි සොයා බැලීමට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් දත්ත රැස් කිරීමට ද පියවර ගෙන ඇති බවයි අමාත්‍යවරිය සඳහන් කළේ.

එමෙන්ම පොදු මගී ප්‍රවාහන සේවාවන් තුළදී කාන්තාවන්ට සිදුවන හිංසන නතර කිරීම සඳහා CCTV කැමරා සවිකිරීමට අපේක්ෂා කරන අතර එමගින් මෙම හිංසනයම් ප්‍රමාණයකට අඩු වෙතැයි අපේක්ෂා කරන බව ද ඇය කියාසිටියා.

සියළුම පළාත් ආණ්ඩුකාරවරුන් දැනුවත් කර ඒ හා සමානවම ප්‍රවාහන අමාත්‍යවරයා, ජාතික ගමනාගමන කොමිසම් සභාව සහ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය දැනුවත් කර සියළුම මගී ප්‍රවාහන සේවා බස් රථවල සීසීටීවී (CCTV) කැමරා සවිකිරීමටයි සැලසුම් කර ඇත්තේ.

ඒ අනූව මගී ප්‍රවාහන සේවා බස් රථ සඳහා ලබා දෙන වාර්ෂික බලපත්‍රයේ බලපත්‍ර කොන්දේසියක් ලෙස කැමරා සවි කිරීම ඇතුළත් කිරීමේ යෝජනාවක් වගකිව යුතු පාර්ශ්ව වෙත යොමු කිරීමට ද අවධානය යොමු කර තිබෙනවා.

කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (11) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය,

120,000 ක් වන පෙර පාසල් දරුවන්ට පූර්ණ ආහාර වේලක් උදෑසනට ලබාදීම අපට තිබුණු විශාල අභියෝගයක් වූණා. දැනට එම දරුවන් සඳහා වෙන්ව ඇති රුපියල් 60ක මුදල රුපියල් 100ක් දක්වා වැඩිකර දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ලංකාවේ ළමුන්ගෙන් විශාල ප්‍රතිශතයක් මන්දපෝෂණයෙන් පෙලෙන බැවින් ප්‍රෝටීන් සහිත පෝෂණීය ආහාර වේලක් ලබාදීමට අප සැලසුම් කරනවා.

ඒ අනුව දිවයිනේ සියලු පෙර පාසල් දරුවන් සඳහා උදෑසනට පූර්ණ ආහාර වේලක් ලබා දීමට මෙම වසරේදී කටයුතු කරනවා. එම වැඩසටහන දිවයිනේ සියළුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන පරිදි ක්‍රියාත්මක කටයුතු කරනවා. වතු නොවන පෙර පාසල් දරුවන් 120,000 ක් පමණ සිටිනවා. එමෙන්ම වතු පෙර පාසල් දරුවන් 35,000 ක් සිටිනවා. ඒ අනුව මුළු ප්‍රතිලාභින් සංඛ්‍යාව 155,000ක් වනවා.

ඒ වගේම ගර්භණී මව්වරුන් සඳහා වන පෝෂණීය ආහාර මල්ලක් ලබාදීමට කටයුතු කරනවා. ගර්භනී මව්වරුන් 220,214 ක් සඳහා මසකට රුපියල් 4,500 බැඟින් මාස 10 ක් සඳහා පෝෂණ ආහාර මල්ලක් ලබා දීමට අප මේ වන විට කටයුතු යොදා තිබෙනවා.
ඒ වගේම පෙර පාසල් ගුරුවරුන් පුහුණු කිරීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ද බලාපොරොත්තු වෙනවා.

ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය යටතේ ලියාපදිංචි පෙර පාසල් ගුරුවරියන් 18,333ක් සිටිනවා. ඔවුන් සඳහා වැටුපක් ලබාදිය යුතුයි. පෙර පාසල් ක්ෂේත්‍රයේ ගුණාත්මක භාවය ඉහළ නැංවීම සහ පෙර පාසල් ගුරුවරියන්ගේ සේවය ඇගයීම වෙනුවෙන් මාසිකව රු 2500ක දීමනාවක් දැනට ලබා දෙනවා. එම මුදල ජීවත්වීමට ප්‍රමාණවත් නොවන බැවින් එම මුදල් තවදුරටත් වැඩිකළ යුතුව තිබෙනවා.

ඒ වගේම අප අමාත්‍යාංශය විසින් ළමා හා කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් නව පනත් 03ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීමට සැළසුම් කර තිබෙනවා.

ඒ අනූව, ස්ත්‍රී පුරුෂ සමාජ භාවීය සමානාත්මතා පනත් කෙටුම්පත (Gender Equality Bill) හරහා ස්ත්‍රී පුරුෂ සමාජ භාවීය සමානාත්මතා අයිතීන් තහවුරු කිරීමට කටයුතු කරනවා. LGBTIQ ඇතුලුව ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතා සභාව ස්ථාපිත කිරීම සිදු කළ යුතුයි. එම සභාව යටතේ ස්ත්‍රී පුරුෂ සමාජ භාවීය සමානාත්මතා කේන්ද්‍රීය නිලධාරීන් (Gender Focal Point) රාජ්‍ය ආයතන සඳහා බඳවා ගැනීම හා පත් කිරීමට අප කටයුතු කරමින් සිටිනවා.

ඒ වගේම කාන්තාවන් රැකියා සඳහා විදේශගත වීමේදී තම දරුවන්ගේ අවම වයස් සීමාව අවුරුදු 02 වෙනුවට යලිත් පෙර පැවති අවුරුදු 05 සීමාව දක්වා සංශෝධනය කිරීමට බලාපොරොත්තු වෙනවා. එමෙන්ම අවුරුදු 05ට අඩු දරුවන් සිටින මව්වරුන් කොපමණ ප්‍රමාණයක් මේ වන විට විදේශගත වී ඇත්දැයි සොයා බැලීමට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් දත්ත රැස් කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

සියළුම පළාත් ආණ්ඩුකාරවරුන් දැනුවත් කර ඒ හා සමානවම ප්‍රවාහන අමාත්‍යවරයා, ජාතික ගමනාගමන කොමිසම් සභාව සහ පලාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය දැනුවත් කර සියළුම මගී ප්‍රවාහන සේවා බස් රථවල සීසීටීවී (CCTV) කැමරා සවිකිරීමට පියවර ගැනීමට අප අදහස් කරනවා.

එමෙන්ම පොදු මගී ප්‍රවාහන සේවාවන් තුළදී කාන්තාවන්ට සිදුවන හිංසන නැවත්වීම සඳහා කැමරා සවිකිරීම තුළින් යම් ප්‍රමාණයකට අඩු වෙතැයි අප අපේක්ෂා කරනවා. ඒ අනූව මගී ප්‍රවාහන සේවා බස් රථ සඳහා ලබා දෙන වාර්ෂික බලපත්‍රයේ බලපත්‍ර කොන්දේසියක් ලෙස කැමරා සවි කිරීම ඇතුළත් කිරීමේ යෝජනාවක් වගකිව යුතු පාර්ශ්ව වෙත යොමු කිරීමට අප අවධානය යොමු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උපන්දින දාම අවසන් ගමන් ගිය තරුණයා, මව රෝහල දෙවනත් කරයි
00:31
Video thumbnail
විදුලි සැර වැ# සේවකයෙක් මි#යාමේ සිද්ධිය ගැන ප්‍රබල හෙළිදරව්වක් - නුපුහුණු සේවකයෝ හිටියේ එතන
04:18
Video thumbnail
අගමැතිතුමියගෙන් සුපිරි කතාවක්
09:45
Video thumbnail
පැත්තක හිටපු නාමල් අත්අඩංගුවට ගත්තා..මෙහෙම තමයි නීතිය නවන්නේ
08:43
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:16
Video thumbnail
අද නාමල්ට තිබ්බ අත හෙට ඔබට තියන්නේ පුළුවන් - නාමල් කෙඳිරි ගාන්නේ නෑ
11:19
Video thumbnail
ඩීවී චානක ආණ්ඩුවට රිදෙන්නම දෙයි - ජයකොඩි, අනුර, මාලිමාව ඉන්නේ නීතියට උඩින්
08:31
Video thumbnail
ලෝක ජනාවාස දිනයේ රට පුරා නිවාස 5000ක් ජනතා අයිතියට
01:18
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29