කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ 2027 අයවැය පූර්ව සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) ජනාධිපති කාර්යාලයේ දී පැවැත් වුණා.

කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රි ලංකා කාන්තා කාර්යාංශය, කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාව, මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය, පරිවාස සහ ළමාරක්ෂක දෙපාර්තමේන්තුව සහ ජාතික ළමාරක්ෂක අධිකාරිය විසින් 2026 වසරේ සිදු කරන ලද පුනරාවර්තන සහ ප්‍රාග්ධන වියදම්වල ප්‍රගතිය පිළිබඳ මෙහිදී පුළුල් ලෙස විමසා බැලුණා.

එමෙන්ම, 2026 වසරේ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ප්‍රධාන වැඩසටහන් වන ආයතනික රැකවරණය සහ භාරකාරිත්වය, වීදි ළමුන් සඳහා වන ජීවන වියදම් දීමනාව, ගර්භනී මව්වරුන් සඳහා පෝෂණීය ආහාර දීමනාවක් ලබාදීමේ වැඩසටහන, පෙර පාසල් ළමුන් සඳහා උදෑසන ආහාර ලබා දීමේ වැඩසටහන, පෙර පාසල් ගුරුවරුන් සඳහා වන ‘ගුරු අභිමානී’ දීමනා වැඩසටහන ඇතුළු වැඩසටහන්වල ප්‍රගතියද මෙහිදී ජනාධිපතිවරයා විමසා බැලුවා.

ගර්භනී මව්වරුන් සඳහා ලබාදෙන පෝෂණීය ආහාර දීමනාව තවත් එක් මුදල් ලබාදීමේ ව්‍යාපෘතියක් බවට පත් නොකර, එහි අපේක්ෂිත අරමුණ වන ගර්භනී මව්වරුන්ගේ පෝෂණය සහතික කිරීම ඉලක්ක කර ගනිමින් නිසි අධීක්ෂණයක් යටතේ ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

එමෙන්ම, දිට්වා සුළි කුණාටුවෙන් දෙමාපියන් අහිමි වූ දරුවන් රැකබලා ගැනීම වෙනුවෙන් මාසික දීමනාවක් ලබාදීමේ වැඩසටහනේ ප්‍රගතියද මෙහිදී සමාලෝචනය කෙරුණු අතර එම දීමනාව කඩිනමින් අදාළ දරුවන් වෙනුවෙන් ලබා දීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළා.

සමාජය තුළ සිටින අනාරක්ෂිත දරුවන් හඳුනා ගැනීමේ සහ ඔවුන් එම තත්ත්වයෙන් මුදාගැනීම සඳහා ජාතික ළමාරක්ෂක අධිකාරිය යටතේ ක්‍රියාත්මක වැඩසටහනේ ප්‍රගතිය සහ ක්‍රියාකාරිත්වය ද මෙහිදි සාකච්ඡාවට ලක් කෙරුණා.

මෙම කටයුතුවලදී නිවැරදි දත්ත පද්ධතියක අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා 2027 අයවැය ප්‍රතිපාදන වෙන් කිරීම එම දත්ත මත පදනම්ව සිදුකිරීමට අපේක්ෂා කරන බවද සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56