කාන්තා නිලධාරිනියන් තිදෙනෙකු නිසා පොලිසිය ඉතිහාස ගතවෙයි

මෙරට පොලිස් ඉතිහාසයේ ප්‍රථම වතාවට ජේෂ්ඨ පොලිස් අධිකාරීවරියන් තිදෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරියන් දක්වා උසස් කර ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කර සිටිනවා.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනුමැතිය පරිදි මෙම උසස්වීම් සිදුකර තිබෙනවා.

ඒ අනුව ඉදිරියේදී කාන්තා නිලධාරිනියන් හට දක්ෂතාවය සහ හැකියාව මත පොලිස්පති ධූරය දක්වා උසස්වීම් ලබාගැනීමේ අවස්ථාව සලසා තිබීම සුවිශේෂී තත්ත්වයක් බවද පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

මෙලෙස උසස්වීම් ලැබූ නිලධාරිනියන් වන්නේ රාජ්‍ය බුද්ධි අංශයට අනියුක්තව සේවය කරනු ලබන නිශාන්ති සෙනවිරත්න, පර්යේෂණ හා සංවර්ධන කොට්ඨාශයේ රේණුකා ජයසුන්දර සහ සුභ සාධක කොට්ඨාශයේ පද්මිණි වීරසුරිය යන ජේෂ්ඨ පොලිස් අධිකාරිවරියන් වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
17
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?