AFC Banner
Empty Ad
Empty Ad

කාන්තාවන් දුර ගමන් බස් රථවල යන්නේ බලාගෙනයි

අනුරාධපුර සිට කොළඹ බලා මීට දින 2කට පමණ පෙර ධාවනය වී තිබූ බස් රථයක ගමන් කළ කාන්තාවන් දෙදෙනෙක් මත්කර ඔවුන් සතුව තිබූ මුදල් සහ ස්වර්ණාභරණ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධව පොලිස් විමර්ශන ආරම්භකර තිබෙනවා.

බස් රථයේදී එම කාන්තාවන් සමඟ මිතුරු වී ඇති තරුණයෙකු ඔවුන්ට කෑමට කෙටි ආහාර වර්ගයක් ලබාදීමෙන් පසු කාන්තාවන් අධික නින්දට වැටී ඇති අතර එහිදී සැකකාර තරුණයා ඔවුන් සතුව තිබූ මුදල් සහ ස්වර්ණාභරණ සොරකම්කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම කාන්තාවන් දෙදෙනා සිහිසුන් වී ඇති බවට අනාවරණයවීමෙන් පසු ඔවුන් රෝහල්ගත කිරීමට පියවරගෙන තිබෙනවා.පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ කාන්තාවන් දෙදෙනා දැඩි ලෙස මත්වීම හේතුවෙන් දින දෙකක් ප්‍රකාශ ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් ද හටගෙන තිබූ බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් සාලියවැව පොලීසිය පරීක්ෂණ සිදුකරන අතර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ මෙවැනි අපරාධ සිදුවීමේ ප්‍රවණතාවයක් ඇති බැවින් බස් රථවල ගමන් කිරීමේදී වඩාත් විමසිලිමත්වන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?