Empty Ad
AFC Banner
Empty Ad

කාන්තාවන් තිදෙනෙක් අත්අඩංගුවට

ගණිකා වෘත්තිය පිළිබඳ අන්තර්ජාලයේ දැන්වීමි පළකොට ඊට ප්‍රතිචාර දක්වන පුද්ගලයන්‌ සමඟ මුදලට ගණිකා වෘත්තියේ යෙදුණු, සුරෑපී කාන්තාවන්‌ තිදෙනකු ඉන්‌ උපයාගත්‌ රුපියල්‌ අනූ එක්දහසක මුදලක්‌ ද සමඟ පෙරේදා (14දා) අත්‌අඩංගුවට ගත්‌ බව මහරගම පොලිසිය පැවැසීය.

අවිවාහක තරුණියක (21) , දෙදරු මවක (28) හා තිදරු මවක (31) වන එම තිදෙනා පස්සර, වලස්මුල්ල හා කුරුණෑගල යන ප්‍රදේශවල පදිංචි තිදෙනෙක්‌ බවත්‌ සැකකාරියන්‌ කොළඹ උසස්‌ ආයතනවල රැකියා කරන බව නිවෙස්වලට පවසා කොළඹට පැමිණ වසර දෙකක පමණ සිට මෙම ජාවාරමේ නිරතව ඇති බවත්‌ පොලිසිය පැවැසීය.

මොවුන්‌ කණ්ඩායමක්‌ ලෙස එකතු වී අන්තර්ජාලයේ ඇප්‌ එකක්‌ ආරම්භ කොට ජාවාරමට සම්බන්ධ කාන්තාවන්ගේ විවිධ හැඩතල සහිත ඡායාරුප, මිල ගණන් හා පිරිමින්ට ලබාදෙන පහසුකම්‌ එහි පළකොට ඊට ප්‍රතිචාර දක්වන පුද්ගලයන්‌ හා සම්බන්ධ චී කාන්තාව නම්‌ කරන නවාතැන්පළකට පැමිණ ගණිකා වෘත්තියේ යෙදී ඇතැයි පැවැසේ.

ඒ සඳහා පැයක කාලයකට රුපියල්‌ 7,000 සිට 12,000 දක්වා මුදල්‌ අය කර තිබිණි. එලෙස
උපයාගත්‌ බවට සැකකෙරෙන රුපියල්‌ 74,000ක්‌ සහ 17,000ක මුදලක්‌ කාන්තාවන්‌ දෙදෙනෙක්‌ ළඟ තිබී පොලිස්‌ භාරයට ගෙන තිබේ.

ගණිකා වෘත්තියේ යෙදුණු තවත්‌ කාන්තාවන්‌ පස්දෙනකු මීට දින දහයකට පමණ පෙර,අත්‌අඩංගුවට ගෙන තිබූ අතර ඔවුන්ගෙන්‌ ලද තොරතුරුවලට අනුව මෙම කාන්තාවන්‌ තිදෙනා අත්‌අඩංගුවට ගත්‌ බව පොලිසිය පැවැසීය. සැකකාරියන්‌ නුගේගොඩ අධිකරණයට ඉදිරිපත්‌ කිරීමට නියමිත අතර මෙවන්‌ ජාවාරමි ක්‍රියාත්මක දැයි තවදුරටත්‌ විමර්ශන ක්‍රියාත්මක බවද පොලිසිය පැවැසීය.

සිද්ධිය සම්බන්ධයෙන්‌ මහරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්ෂක ජනකාන්ත මහතාගේ උපදෙස්‌ මත දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස්‌ පරීක්ෂක ජයරත්න මහතාගේ මෙහෙයවීමෙන්‌ පොලිස්‌ සැරයන්‌ චාමර (64897), ලොකුගේ (10300),පො.කො. සුමතිපාල (45042), කරුණාරත්න (93450), කා.පො.කො. සඳමාලි (11009) ඇතුළු නිලධාරභු වැටලීම සිදුකොට පරීක්ෂණ පවත්වති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැලි පටවන් හැටට හැටේ ආපු ලොරිය පොලිස් ජීප් එකෙයි ලංගම බස් එකකයි වැදෙයි
05:20
Video thumbnail
ජන රැල්ල දිලිත්ට කැරකෙන ලකුණු - අපේ අනාගත ජනාධිපතිතුමාට ජයවේවා
01:00
Video thumbnail
ජන රැල්ල දිලිත්ට කැරකෙන ලකුණු - අපේ අනාගත ජනාධිපතිතුමාට ජයවේවා
02:07
Video thumbnail
88/89 ජීවනී පැකට් එක හොයාගත්ත මනුස්සයා ම#ලා දැම්මා - කරපුවා අහද්දී අපිටත් කඳුළු එනවා
05:21
Video thumbnail
මට කොස් රොටී මාමා කියලා කතා කරන්න - වඩු මඩුවක් ඇතුළේ දිලිත් කරපු සුපිරි කතාව
10:48
Video thumbnail
අපි දෙයක් කිව්වොත් කිව්වා - අපේ බොරු නෑ - ඇමති සමන්ත සහතික කරලා කියපු කතාව
11:26
Video thumbnail
ගොන් ආතල් ගන්න එපා මහත්තයෝ - ඉත්තෑකන්දේ හිමිට තදවෙයි
05:33
Video thumbnail
රාජ්‍ය නිලධාරීන්ට තර්ජනය කරන චණ්ඩි - සංවේදී පුද්ගලයින් නැරඹීමෙන්
03:34
Video thumbnail
මාවයි - නෝනයි පිටිපස්සෙන් ඇවිත් හැ#පුවා - නඩු කාරයෙක්ලු - වැදගත් කෙනෙක් නිසා යන්නත් දෙන්නලු
05:16
Video thumbnail
ප්‍රබලයෝ හදිසියේම එක තැනකට රැස්වෙයි - චාමර සම්පත් දෙනවා දීමක් ඇප නැති වෙන්න
05:02

?