කාන්තාවන්ගේ හැඟීම් අවුලුවා අයුතු ලෙස මුදල් සෙවූ අයෙක් පොලිස් දැලේ

කාන්තාවකට ලිංගික හැඟීම් අවුලවන වීඩියෝ දර්ශන සහ කෙටි පණිවුඩ යවමින් බලපෑම් සිදුකර මුදල් ලබාගත් පුද්ගලයෙකු පසුගියදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාතර කොට්ඨාස ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ නිලධාරීන් විසින් සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු 44 හැවිරිදි වියේ පසුවන හල්ඔලුව, පල්ලේගම ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී මොහු විසින් තවත් කාන්තාවන් මේ ආකාරයෙන් රැවටීමට ලක්කර අයුතු ලෙස මුදල් ලබාගෙන ඇති බවට කරුණු අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මාතර කොට්ඨාස ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය විසින් සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?