කාන්තාවක් නොයෙන ගමන් යැවූ සිද්ධියට සම්බන්ධ සැකකරුගේ මොටර් රථය හමුවෙයි

සපුගස්කන්ද ප්‍රදේශයේ පදිංචි ප්‍රදීපා සිල්වා නම් (අවුරුදු 52) රූමත් කාන්තාවක් අමානුෂික ලෙස කපා කොටා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධ සුධීර නම් සැකකරුගේ මොටර් රථය ඊයේ (01) දින නුවරඑළිය සඳතැන්න සද්ධර්ම විහාර භූමියේ නවතා තිබියදී සොයාගත් බව නුවරඑළිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි පැවසිය.

සපුගස්කන්ද ප්‍රදේශයේදි කාන්තාවක් ඝාතන කිරිම සිද්ධියට සම්බන්ධ සැක කරන පුද්ගලයා විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා සමඟ කෙටි කලක දී ඇතිකරගත් සුහදතාවය මත දින කිහිපයකට ඔහුගේ මොටර් රථය නුවරඑළිය සඳතැන්න විහාරය නවතා ගොස් ඇති බව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පැවසීය.

මෙසේ සොයාගත් කාර් රථය මේ වන විට ඝාතන සිද්ධිය සම්බන්ධව විමර්ශන කටයුතු සිදු කරන මහාබාගේ පොලිස් ස්ථානය වෙත රැගෙන යාම සදහා එම පොලිස් ස්ථාන භාර නිලධාරීන් කටයුතු කළ බවද පොලිස් ස්ථානාධිපතිවරයා පැවසීය.

සිද්ධිය සම්බන්ධව සදතැන්න සද්ධර්ම නිකේතනයේ වැඩ වාසය කරන තෙලුල්ලේ චන්ද්‍රානන්ද හිමියන්ගෙන් අප කල විමසුමකට උන් වහන්සේ කියා සිටියේ, පොහොය දිනට ප්‍රථම දා පන්සලට කිහිප වතාවක් පැමිණි පුද්ගලයෙකු සමඟ නාඳුනන පුද්ගලයෙකු පැමිණි බවත්, ඔහුන් දවස් තුනකට පන්සලේ නැවතී සිටීමට අවසර ඉල්ලු බවත් ඒ අනුව පොදුවේ ඕනෑම අයෙකුට ලබා දෙන පරිදි ඔහුට අවසර ලබාදුන් බවයි.

දින තුනක් නැවතීමට අවශ්‍ය බව පැවසූ නමුත් පොහොය (29) දින සවස හදිස්සියේම පිටත් වීමට ඔවුන් කටයුතු කළ අතර , පිටත්වීමේදී වියදම් වැඩි බැවින් මොටර් රථය පන්සල භූමිය තුළම ගාල් කර යන බව පවසමින් එහි යතුර සහ දුරකථන සමග තවත් යතුරු කැරැල්ලක් තමන් වෙත භාරදී පන්සලෙන් නික්ම ගිය බවයි උන් වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
3
+1
2
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56


?