කාටත් නොකියා රට රස්සාවට ගිය නර්ස්ට මාස 03ක් මෙහෙන් පඩි ගෙවලා

පෙර දැනුම්දීමකින් තොරව සේවයට වාර්තා නොකර විදේශ ගත වූ හෙදියකට මාස තුනකට අධික කාලයක සිට රුපියල් ලක්ෂ 03 කට ආසන්න මුදලක් වැටුප් ලෙස ගෙවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භකර තිබෙනවා.

මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් කාර්යාලය මඟින් මෙම පරීක්ෂණය පවත්වන බවයි තොරතුරු වාර්තා වන්නේ.

හතරලියද්ද ප්‍රාදේශීය රෝහලේ සේවය කරමින් සිටි හෙදියක් මෙලෙස පෙර දැනුම්දීමකින් තොරව පසුගිය මාර්තු මාසයේ සිට සේවය අතහැර සිංගප්පූරුවේ රැකියාවක් සඳහා ගොස් ඇති බවයි වාර්තා වුණේ.

අදාළ හෙදිය තෙල්දෙණිය රෝහලේ සිට අනුයුක්තයක් යටතේ හතරලියද්ද ප්‍රාදේශීය රෝහලට මාරුවීම් ලබා පැමිණ තිබූ බව සඳහන්.

එම හෙදිය සේවය අතහැර විදෙස් ගත වූ පසුවත් මාස තුනක පමණ කාලයක් ඇයට, ඇයගේ මාසික වැටුප බැංකු ගිණුමට ගිණුම්ගත කර ඇති බවට සිදුකළ විගණන පරීක්ෂණයක දී හෙළිව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සේනක තලගලගේ මූලිකත්වයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

හතරලියද්ද රෝහල් කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකුගෙන් සහ පළාත් සභාවට අයත් රෝහල්වල වැටුප් ගෙවීම් කටයුතුවලට අදාළ ලේඛණ භාරව සිටින නිලධාරීන් පිරිසකගෙන් මේ වනවිටත් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
3
+1
31
+1
2
+1
6
+1
5
+1
20
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?