spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ක්‍රීඩා ඇමති සහ ICC ප්‍රධාන විධායක නිලධාරීවරයා අතර හමුවක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ප්‍රධාන විධායක නිලධාරී Geoff Allardice සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු අතර හමුවක් සිදුවී තිබෙනවා.

Geoff Allardice ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ ICC විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පනවා ඇති තහනම හේතුවෙන්.

Geoff Allardice අද ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු හමුවූ අතර, එහිදී ICC තහනම ඉවත් කිරීමේ හැකියාව පිළිබඳව සාකච්ඡාවක් සිදු වී තිබෙනවා.

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කළේ ICC ප්‍රධාන විධායක නිලධාරීවරයා සමඟ ඵලදායි සාකච්ඡාවක් සිදු වූ අතර එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට්හි ඉදිරි ගමන පිළිබඳව ද අවධානය යොමු වූ බවයි.

ICC ප්‍රධාන විධායක නිලධාරියා ද අද පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවීමට නියමිත බව ක්‍රීඩා අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?