ක්‍රිකට් කළමනාකරු පරාජයට හේතු කියයි – අදත් ලකුණු 20ක් 30ක් මදිවෙලා

ශ්‍රී ලංකා ලකුණු පුවරුවට තවත් ලකුණු 20ක් 30ක් එක්ව නොතිබීම අද තරගය පරාජය වීමට හේතුවක් වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු මහින්ද හලංගොඩ පවසනවා.

20-20 ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශය සමඟ අද (08) පැවති තරගයෙන් පසු මාධ්‍ය හමුවට එක්වෙමින් කළමනාකාරවරයා මේ බව සඳහන් කළා.

මෙම මධ්‍ය හමුවට ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර ද එක්ව සිටියා.

එහිදී අදහස් දක්වමින් නුවන් තුෂාර සඳහන් කළේ ඇමරිකානු තණතීරුවල පන්දුවට පහරදීම ඉතා අසීරු බවයි.

ඒමෙන්ම අයි.පී.එල්. තරගාවලියේ දී ලැබුණු තණතීරුවලට වඩා ඇමරිකානු තණතීරු අතර වෙනසක් පවතින බවයි ඔහු පැවසුවේ.

අයි.පී.එල්. තරගාවලියේ දී තමන් ලැබූ අත්දැකීම් ලෝක කුසලානයේ දී ක්‍රීඩා කිරීමේ දී තමන්ට වාසියක් වූ බවයි නුවන් තුෂාර වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම බංගලාදේශයට එරෙහි ලබා ගත් ලකුණු 124 ආරක්ෂා කිරීමට අවසන් පන්දුව දක්වා උත්සාහ කළ බව ද ඔහු කියා සිටියා.

මේ අතර තවත් පන්දු යවන්නෙක් භාවිත කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් මෙහිදී ඔහුගෙන් ප්‍රශ්න කර සිටියා.

ඊට ප්‍රතිචාර දක්වමින් නුවන් තුෂාර සඳහන් කළේ, එම තීරණය නායක වනිඳු හසරංග විසින් ගත යුතු බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකාර මහින්ද හලංගොඩ මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා පිතිකරුවන් ඇමරිකානු තණතීරුවලට මේ දක්වා හුරු වී නොමැති බවයි.

තරගාවලිය ආරම්භ වීමට පෙර ඇමරිකාවට පැමිණිය ද සැලසුම් කළ පරිදි පුහුණුවීම්වල නිරත වීමට වර්ෂාවෙන් බාධා එල්ල වූ බව ද ඔහු මෙහිදී පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17