මියන්මාරය, ඉන්දුනීසියාව සහ ටිමෝරයේ සහභාගිත්වයෙන් ආරම්භ වූ නැගී එන නැගෙනහිර ආසියනු, තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ දී ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රථම වතාවට පියෙක් සහ පුතෙක් විසින් එකම ජ්‍යාත්‍යන්තර තරගයක ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදාකර ගෙන තිබෙනවා.
ටිමෝරය වෙනුවෙන් තරග බිමට පිවිසි මෙම පිය – පුතු දෙපළ සුහයිල් සත්තාර් සහ යායා සුහයිල් වනවා.
ඉන්දුනීසියාවේ බාලි හිදී ඉන්දුනීසියාවට එරෙහිව ඔවුන්ගේ මංගල විස්සයි විස්ස තරගදී පන්දුවට පහර දුන් මෙම දෙපළ මේ වන විට ලොවපුරා ක්‍රිකට් ලෝලීන්ගේ අවධනය දිනාගෙන තිබෙනවා.













