ක්‍රිකට් ආයතනයේ අදායම ගැන තොරතුරු එළියට

2022 මුදල් වර්ෂය සඳහා රුපියල් බිලියන 6.3ක ශුද්ධ ලාබයක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

එම වසරේ ක්‍රිකට් ආයතනයේ මුළු ආදායම රුපියල් බිලියන 17.5ක්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ 2022 වසර සඳහා වන පරිපාලනයේ විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශන එහි සාමාජිකයින් ඒකමතිකව අනුමත කළ අතර එය 2021 වසරේ ආදායමට වඩා 120%ක් වැඩි බවයි.

පසුගිය 17 වනදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති මහා සභා රැස්වීමේදී මෙය අනුමත වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මෙම මූල්‍ය වර්ෂය තුළ ලබා ගත් රුපියල් බිලියන 6.3 ක්‍රිකට් ආයතනය සිය සමස්ත ඉතිහාසය තුළම මූල්‍ය වර්ෂයක් තුළ වාර්තා කළ ඉහළම වාර්ෂික ශුද්ධ අතිරික්තය ලෙසටයි සැලකෙන්නේ.

මෙම ශුද්ධ ආදායම ප්‍රධාන වශයෙන් ජාත්‍යන්තර ක්‍රිකට්, දේශීය ක්‍රිකට්, අනුග්‍රාහක කොන්ත්‍රාත්තු සහ ICC වාර්ෂික සාමාජික ගෙවීම් වැනි ආදායම් අංශ හතරකින් සමන්විතයි.

2022 වසරේ දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වසර සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් මූල්‍ය ප්‍රකාශන කටයුතු සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය, සිය විගණක වාර්තාවේ නුසුදුසු මතයක් නිකුත් කර ඇති බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46