spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ක්‍රිකට් ආයතනයට නව ව්‍යවස්ථාවක් – ඇමති අධිකරණයට දන්වයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව ව්‍යවස්ථාවක් සැකසීමට පියවර ගන්නා බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අභියාචනාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ඇතුළු පිරිසක් පසුගියදා පෙත්සමත් ගොනුකළා.

ඒ, අනුව එම පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේ දී ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන විසින් මේ පිළිබඳව අධිකරණයට දැනුම්දීම සිදුකළා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීම සඳහා තාක්ෂණික කමිටුවකින් උපදෙස් ලබා ගන්නා බවයි ඔහු අධිකරණයේ දී වැඩිදුරටත් කරුණු දැක්වුවේ.

අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් ලෆාර් ඉදිරියේ එම පෙත්සම අද කැඳවනු ලැබුවා.

මේ අතර, මෙම පෙත්සම පෙබරවාරි මස 28 වනදා කැඳවීමටයි නියම වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?