කළුතර රෝහල ඉදිරිපිට විරෝධතාවක්

රෝහල් පද්ධතිය තුළ සිදු ව ඇති කඩා වැටීම් සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කළුතර ශාඛාව මගින් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

මෙම උද්ඝෝෂණය මේ වනවිට කළුතර ශික්ෂණ රෝහල ඉදිරිපිට දී පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු අංශයන් මේ වන විට කඩා වැටී ඇති බවත්; වෛද්‍යවරුන්ගේ ආර්ථික තත්ත්වය පිළිබඳ ව සෞඛ්‍ය අමාත්‍යාංශය කිසිදු තැකීමක් සිදු නොකිරීම නිසා වෛද්‍යවරුන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රැඳී නොසිට විදේශගත වීම හේතුවෙන් මෙම අර්බුද හටගෙන ඇති බවටයි උද්ඝෝෂකයින් චෝදනා කරන්නේ.

රෝහල්වල ඇති ව තිබෙන ඖෂධ හිඟය නිසා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ දී බරපතළ ගැටලු රැසකට මුහුණ දී ඇති බව ද උද්ඝෝෂකයින් පෙන්වාදෙනවා.

දැනට රෝහල්වල ප්‍රමාණවත් ආකාරයට වෛද්‍ය සංයුතියක් නොමැති වීම නිසා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කළුතර ශාඛාව මගින් අද දහවල් කෑම පැයේ දී කළුතර ශික්ෂණ රෝහල ඉදිරිපිට විරෝධතාවයක නිරත වූ බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14