spot_imgspot_img

කළුතර රෝහල ඉදිරිපිට විරෝධතාවක්

රෝහල් පද්ධතිය තුළ සිදු ව ඇති කඩා වැටීම් සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කළුතර ශාඛාව මගින් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

මෙම උද්ඝෝෂණය මේ වනවිට කළුතර ශික්ෂණ රෝහල ඉදිරිපිට දී පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු අංශයන් මේ වන විට කඩා වැටී ඇති බවත්; වෛද්‍යවරුන්ගේ ආර්ථික තත්ත්වය පිළිබඳ ව සෞඛ්‍ය අමාත්‍යාංශය කිසිදු තැකීමක් සිදු නොකිරීම නිසා වෛද්‍යවරුන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රැඳී නොසිට විදේශගත වීම හේතුවෙන් මෙම අර්බුද හටගෙන ඇති බවටයි උද්ඝෝෂකයින් චෝදනා කරන්නේ.

රෝහල්වල ඇති ව තිබෙන ඖෂධ හිඟය නිසා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ දී බරපතළ ගැටලු රැසකට මුහුණ දී ඇති බව ද උද්ඝෝෂකයින් පෙන්වාදෙනවා.

දැනට රෝහල්වල ප්‍රමාණවත් ආකාරයට වෛද්‍ය සංයුතියක් නොමැති වීම නිසා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කළුතර ශාඛාව මගින් අද දහවල් කෑම පැයේ දී කළුතර ශික්ෂණ රෝහල ඉදිරිපිට විරෝධතාවයක නිරත වූ බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?