කළුතර රෝහලේ සැත්කමකින් රෝගියෙක් මියගිය බවට චෝදනා (ඡායාරූප සහ වීඩියෝ)

මියගිය මෙම කාන්තාවගේ ඥාතීන් ප්‍රකාශ කරන ආකාරයට සැත්කමේදී මෙම වෛද්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ මෙය උන්ඩකපුච්චයේ සැත්කමක් නොව මහ බඩවැල ආශ්‍රිතව සිදු කරන ආශ්‍රිතව සිදුකරන සැත්කමක් සිදුකළ බවයි.

සැත්කම සිදු කිරීමෙන් අනතුරුව විශේෂඥ වෛද්‍යවරයා රෝහලට දන්වා ඇත්තේ මෙම රෝගියාට දියරමය ආහාර ලබා දෙන ලෙසයි.

දියරමය ආහාර පමණක් මෙම රෝගියාට ලබා දී ඇති අතර එම ආහාර උදරයෙන් පිටතට ගලා එන බවත් ඒවා ඉතා දුර්ගන්ධයකින් යුක්ත බවට ඥාතීන් වාට්ටුවේ හෙද නිලධාරීන්ට දැන් වුව ද ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ මෙය සාමාන්‍ය තත්වයක් බවයි.

ඥාතීන් චෝදනා කරන්නේ මෙම සැත්කමෙන් පසු මියගිය කාන්තාව අසාධ්‍ය තත්ත්වයට පත් වූ අතර ඇයගේ බඩවැල් ආශ්‍රයෙන් දිගින් දිගටම ආහාර හා ජලය පිටතට ගලා ඒම වැඩි වූ බවයි.

වාට්ටුවේ සේවය කරන හෙද කාර්ය මණ්ඩලය සිදු කළේ එම ද්‍රව්‍ය එළියට ගලා ඒම වැළැක්වීම සඳහා ගෝස් සහ පුළුල් ඇතුල් කිරීම පමණක් බවයි ඔවුන් සඳහන් කළේ.

මෙම සැත්කම සිදු කළ වෛද්‍යවරයා හමුවීමට රෝගියාගේ ඥාතීන් ඉල්ලීම් කළ ද එම වෛද්‍යවරයා වාට්ටුවට නොපැමිණි බව ඔවුන් පෙන්වා දෙනවා.

අනතුරුව මෙම කාන්තාවගේ ඥාතීන් අදාළ මෙම වෛද්‍යවරයා හමුවීමට ඔහු පෞද්ගලිකව රෝගීන් බලන කළුතර ප්‍රදේශයේ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක් වෙත මුදල් ගෙවා උත්සාහ කළ ද එය ද අසාර්ථක වූ බව සඳහන්.

පසුව මෙම කාන්තාවට අසාධ්‍ය වූ බැවින් ඇය කළුතර ශික්ෂණ රෝහලේම දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා.

ඥාතීන් රෝහලේ සිටියදීම අදාළ වෛද්‍යවරයා රෝහලට පැමිණෙනු දැක ඔවුන් වෛද්‍යවරයා සමග කතා කිරීමට උත්සාහ කළ ද ඔහු ප්‍රකාශ කර ඇත්තේ රෝගියා පිළිබඳව දෙයියන්ගේම පිහිට බලාපොරොත්තු වන ලෙසයි.

නැවතත් එම මියගිය කාන්තාව දැඩි සත්කාර ඒකකයේ සිට සාමාන්‍ය වාට්ටුවට රැගෙන පැමිණ ඇත්තේ දින කිහිපයකට පසුවයි.

ප්‍රතිකාර සාර්ථක මට්ටමක් නොපෙන්වූ නිසා ඥාතීන් රෝහලෙන් ඉල්ලා ඇත්තේ මෙම රෝගියා වෙනත් රෝහලකට මාරු කර යවන ලෙසයි. එහෙත් ඊට ද පළමු වාට්ටුවේ සෞඛ්‍ය අංශ විරුද්ධ වූ බවටයි ඥාතීන්ගේ චෝදනාව වන්නේ.

පසුව ඥාතීන්ගේ බලකිරීම මත එම කාන්තාව පෞද්ගලික ගිලන් රථයකින් රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

රාගම ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් මෙම රෝගියා පරීක්ෂා කිරීමෙන් අනතුරුව ප්‍රකාශ කර ඇත්තේ සතියකට පමණ පෙර රැගෙන පැමිණියේ නම් ඇය සුව කර ගැනීමට හැකියාව තිබූ බවටයි.

මෙම කාන්තාවට සැත්කම කළ ස්ථානයෙන් අධික ලෙස ආහාර පිටවීම නිසා විෂ බීජ ආසධනයක් හටගෙන ඇති බවට රාගම රෝහල සඳහන් කර තිබෙනවා.

එහි ප්‍රතිකාර ලබමින් සිටියදී මෙම කාන්තාව මරණයට පත් වුණා.

පවුලේ ඥාතීන් ඉල්ලා සිටින්නේ මෙවැනි නොසැලකිලිමත් ලෙස සැත්කම් කරන වෛද්‍යවරයා සම්බන්ධයෙන් රෝහල් බලධාරීන් නිසි ක්‍රියාමාර්ගයක් ගත යුතු බවටයි.

මෙම වෛද්‍යවරයාට මීට පෙර ද මෙවැනි නොසැලකිලිමත් ලෙස සැත්කම් සිදු කර බරපතළ ලෙස රෝගී වූ පිරිස් පිරිස් සිටින බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ඥාතීන් ප්‍රකාශ කරනවා.

මියගිය කාන්තාවගේ අවසන් කටයුතු අද මලබඩ පොදු සුසාන භූමියේ දී භූමියේදී සිදු කිරීමට නියමිතයි.

https://www.youtube.com/watch?v=Anrx7YSs8HY


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගොවියන්ව විනාශ කරපු අය දැන් ගොවියන්ව පාවිච්චි කරලා බලයට එන්න හදනවා
05:41
Video thumbnail
අල්ලස් ගත්ත සාජන්ට වැඩ වැරදුණු හැටි - කිසි සමාවක් නෑ දැඩි නීතිය ක්‍රියාත්මක කරනවා
03:14
Video thumbnail
අධිකරණ ඇමතිතුමා විහිළු කරනවා - නීතිඥවරුන්ව හෑල්ලුවලට ලක් කරනවා
09:02
Video thumbnail
අස්සවල් මුල්ලවල්වල පොලිසිය යතුරුපැදි ගහගෙන ඉන්න ඕනි නෑනේ - කාටවත් අල්ලස් දෙන්න එපා
02:31
Video thumbnail
ජනපති කිව්ව අවදානම ගැන නීතිඥ සංගමයේ සභාපතිගෙන් සැර කතාවක් - අධිකරණයේ ස්වාධීනත්වය උතුම් ආගමක්
02:49
Video thumbnail
ආණ්ඩුව එක්ක අපිට සටනක් නෑ..සටන්කාමී ලෙස අපි විරුද්ධ වෙනවා - ඉදිරි අනාගතයට කළු පැල්ලමක් මේක
06:16
Video thumbnail
අපි විපක්ෂයට ආශිර්වාද කරනවා - නලින්ද විපක්ෂයට දාපු කින්ඩිය
07:42
Video thumbnail
උලමා සංවිධානය හමුවෙන්න ගිය නීතිඥ සංගමයේ සභාපති කිව්ව දේ - අපි සම්පූර්ණයෙන් විරුද්ධයි
04:53
Video thumbnail
අල්ලස් කොමිසමෙන් එළියට ආ හිස්බුල්ලා මාධ්‍යට කිව්ව දේ
01:15
Video thumbnail
පාලනයෙන් ගිලිහුණු දැවැන්ත නෞකාවක් ගං ඉවුරේ වැදෙන අයුරු
02:13