කස මෝරුන් මැරූ ධීවරයන් දෙදෙනෙකු අත්අඩංගුවට

ඇල්ලීම තහනම් කස මෝරුන් මරා රැගෙන ආ මස් කිලෝ 591ක් සමගින් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත්බව බේරුවල වෙරළ ආරක්ෂක බළකාය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මසුන් මැරීම සදහා බහුදින යාත්‍රාවකින් බේරුවල ධීවර වරායෙන් මුහුදු ගොස් එමින් සිටි අවුරුදු 40 සහ 30 වයස්වල පසුවන ධීවරයන් දෙදෙනෙක්.

වෙරළ ආරක්ෂක බලකායේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත යාත්‍රාව පරීක්ෂා කිරීමේදී එහි තිබී වරල් කපා රැගෙන එන ලද කස මෝරුන් 39ක් සොයාගෙන තිබෙනවා.

එම මසුන්ගේ බර කිලෝ 591යි ග්‍රැම් 400ක් බව සඳහන්.

සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සදහා කළුතර ධීවර පරීක්ෂක නිලධාරී කාර්යාලය වෙත භාරදී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11