කස මෝරුන් මැරූ ධීවරයන් දෙදෙනෙකු අත්අඩංගුවට

ඇල්ලීම තහනම් කස මෝරුන් මරා රැගෙන ආ මස් කිලෝ 591ක් සමගින් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත්බව බේරුවල වෙරළ ආරක්ෂක බළකාය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මසුන් මැරීම සදහා බහුදින යාත්‍රාවකින් බේරුවල ධීවර වරායෙන් මුහුදු ගොස් එමින් සිටි අවුරුදු 40 සහ 30 වයස්වල පසුවන ධීවරයන් දෙදෙනෙක්.

වෙරළ ආරක්ෂක බලකායේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත යාත්‍රාව පරීක්ෂා කිරීමේදී එහි තිබී වරල් කපා රැගෙන එන ලද කස මෝරුන් 39ක් සොයාගෙන තිබෙනවා.

එම මසුන්ගේ බර කිලෝ 591යි ග්‍රැම් 400ක් බව සඳහන්.

සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සදහා කළුතර ධීවර පරීක්ෂක නිලධාරී කාර්යාලය වෙත භාරදී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?