කල්පිටියේ ඩිංගි බෝට්ටු දෙකක මිලියන 08ක මත්ද්‍රව්‍ය තොගයක්

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය උච්චමුනෙයි කලපු ප්‍රදේශයේ ඊයේ (04) දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ කංසා කිලෝ තිස් අටක (38) පමණ තොගයක් රැගත් ඩිංගි යාත්‍රා දෙකක් (02) නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

‘රටම එකට’ ජාතික මෙහෙයුම සහ ‘මතින් තොර රටක් – නිරෝගී පුරවැසි දිවියක්’, යන ජාතික කරතව්‍යයන් යටතේ නාවික හමුදාව විසින් දිවයින වටා වෙරළ තීරය සහ දේශීය ජල තීරය නිරන්තර ආවේක්‍ෂණය කරමින් මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් තීව්‍රකර ඇති අතර, ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයේ යාත්‍රා යොදවා, කල්පිටිය උච්චමුනෙයි කලපු ප්‍රදේශයේ හා වෙරළ ප්‍රදේශයේ ඊයේ (04) දින සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම වෙරළ ප්‍රදේශයේ තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රා දෙකක පාර්සල් දහඅටක් තුළ (18) අසුරා සඟවා තිබූ කේරළ කංසා කිලෝ තිස් අටක (38) පමණ තොගයක් සමඟ එම ඩිංගි යාත්‍රා දෙක මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කළා.

තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් කේරළ කංසා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන අටකට (08) අධික වෙතැයි විශ්වාස කෙරෙන අතර, එම කංසා තොගය සහ ඩිංගි යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශය වෙත භාරදී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් ආයේ දේශපාලනයට එන්නේ නැද්ද ?..මගේ මුළු ශක්තියම දාලා සජබ - එජාපය එකතු කරනවා
06:07
Video thumbnail
හිටපු ජනාධිපති රනිල්ගේ උපන්දිනයට සමගාමීව තිබූ පිංකමට රවි, රෝසි, තලතා ඇතුළු ප්‍රබලයින් රැසක්ම එයි
08:25
Video thumbnail
කවුද ප්‍රශ්නෙ හැදුවේ මහින්දද, නාමල්ද ?බස් ගාස්තු නිසා අසේලට නහුතෙටම තදවෙයි
02:53
Video thumbnail
ඉරාන මිසයිල ගැන ඇස් උඩයන කතාවක්
01:26
Video thumbnail
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ කාලය අඩු කිරීමට ජනපති අනුර සමඟ සාකච්ඡාවක්
00:57
Video thumbnail
සජිත් ප්‍රතිඥා දීලම ආණ්ඩුවට දැම්ම සැර සත්තම..ටෙලිකොම් එකේ ඉතුරු ටික මතකද ? ලිට්‍රෝ එක මතකද ?
08:52
Video thumbnail
අපිට තියෙන එකම විකල්පය සජිත් රටේ ජනාධිපති කරන එක..රාජ්‍ය සේවය වෙනුවෙන් වැඩියෙන්ම වැඩ කළේ අපි
02:39
Video thumbnail
ඉරාන මිසයිල ඉලක්ක බටහිරට හැරෙයි ද ?අමෙරිකාවේ සාකච්ඡා කුණු කූඩයට දමා යළි ඇවිලෙන හැටි..
09:04
Video thumbnail
දිවයින පුරා බොහෝ ප්‍රදේශවලට දැඩි උණුසුම් කාලගුණික තත්ත්වයක්..හැකි තරම් දියර ද්‍රව්‍ය පානය කරන්න
04:26
Video thumbnail
නැගෙනහිර පළාත ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉන්ධන නැහැ..ආණ්ඩුවට කශේරුකාවක් නැද්ද ?
06:28