AFC Banner
AFC Banner
Empty Ad

කල්එළියේ අනතුරකින් වාහන 10කට හානි – 4 දෙනෙකු රෝහලට

පස්යාල ගිරිඋල්ල මාර්ගයේ මීරිගම කල්එලිය ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් 4 දෙනෙකු තුවාල ලබා වාහන 10කට හානි සිදුවී තිබෙනවා.

දොඹකරයක් ත්‍රී රෝද රථ 8ක යතුරුපැදියක සහ මෝටර් රථයක ගැටීමෙනුයි අද පස්වරුවේ මෙම අනතුර සිදුවී ඇත්තේ.

දොඹකරයේ රියදුරා බීමතින් සිට ඇති බවට මූලික විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.

ඔහුට රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ තිබූ වාහනවලට හානි කරමින් මීටර් 600ක පමණ දුරකට ධාවනය වී තාප්පයක ගැටී නතර වී ඇතැයි සඳහන්.

සැකකාර රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?