කම්බි මද්දකට හසු වූ තවත් කදුකර කොටියෙක් ජිවිතක්ෂයට

දඩයම්කරුවෙකු විසින් තේ වත්තේ අටවා තිබු මද්දකට හසුවී මියගොස් සිටි කදුකර කොටියෙකුගේ සිරුරක් (03) දින හමු වු බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් පවසනවා.

නොර්වුඩ් පොලිස් වසමට අයත් රොක්වුඩ් වතුයායේ තේ වත්තේ අටවා තිබු කම්බි මද්දකට කදුකර කොටියා හසුවී දින ගණනාවක් ගත වීම හේතුවෙන් කදුකර කොටියා ජිවිතක්ෂයට පත් වි සිරුර දැඩි ලෙස නරක් වී තිබු බවයි වනජිවි නිලධාරින් කියා සිටියේ.

ජිවිතක්ෂයට පත් කදුකර කොටියාගේ සිරුර එම වතුයායේ වතු කම්කරුවන් විසින් දැක ඒ බව තම කාර්යාලය වෙත දැනුම් දුන් බවත්, කදුකර කොටියාගේ සිරුර හැටන් මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා රණ්දෙණිගල වනජිවි පශු වෛද්‍ය රෝහල වෙත යොමු කල බවත් නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් කීය.

මියගිය කදුකර කොටියා කම්බි මද්දකට හසුවීම නිසා ගෙල සිරවී මියගොස් ඇති බවත්, අවුරුදු 4-5 අතර වයසක් ඇති මියගිය කදුකර කොටියා ගැහැණු සතෙකු බවත් පශ්චාත් මරණ පරික්ෂණය සිදුකළ රණ්දෙණිගල පශු වෛද්‍ය රෝහලේ වෛද්‍ය කියා සිටියා.

කදුකර කොටින් පිලිබඳව සමික්ෂණ සිදු කරන මෙරට සංවිධානයක් විසින් මියගිය කදුකර කොටියා කුඩා කල සිටම එම තේ වත්තේ හැදුණු වැඩුණු කදුකර කොටියෙකු බවට එම සංවිධානය විසින් හදුනාගෙන තිබෙනවා.

වල් ඌරන් දඩයම් කිරීම සඳහා දඩයම්කරුවන් විසින් තේ වත්තේ අටවනු ලබන කම්බි මදුවලට කදුකර කොටින් හසු වන බවත්, තේ වතු ආශ්‍රිතව දඩයම්කරුවන් විසින් අටවනු ලබන මෙවැනි මදු ගලවා ඉවත් කිරිමට වතු අධිකාරිවරුන් සහ වතු කම්කරුවන් දැනුවත් කර ඇති බවත් රණ්දෙණිගල වනජිවි පශු වෛද්‍ය රෝහලේ වෛද්‍යවරයා සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.22
52:18
Video thumbnail
පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:43
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ
01:30
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?
01:31
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ - දැන් දේවාලයට වදින්න පුළුවන් වෙයි
02:23
Video thumbnail
විපක්ෂය දුර්වලයි කියද්දි රෝහණට යකා නැග්ගද ?එයාලා එක්ක ග#ගන්නද කියන්නේ ?
02:56
Video thumbnail
ලෝකය දකින නායකයෙක් සජිත් කියන්නේ - ආතල් එකට බොරු කියලා චූන් කරන්නේ නෑ
02:53
Video thumbnail
කටට එන දෙයක් කියන නායකයෙක් බවට ජනාධිපති පත්වෙලා.. කතාවලට වැලිව් එකක් නෑ
02:06
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?රෝහණගෙන් ප්‍රබල හෙළිදරව්වක්
02:12
Video thumbnail
සජබය පාරේ විරෝධතාවයක් තියෙන්නේ පාර්ලිමේන්තුවේ බලය නැති නිසාද ?
03:40