spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කම්බි මද්දකට හසු වූ තවත් කදුකර කොටියෙක් ජිවිතක්ෂයට

දඩයම්කරුවෙකු විසින් තේ වත්තේ අටවා තිබු මද්දකට හසුවී මියගොස් සිටි කදුකර කොටියෙකුගේ සිරුරක් (03) දින හමු වු බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් පවසනවා.

නොර්වුඩ් පොලිස් වසමට අයත් රොක්වුඩ් වතුයායේ තේ වත්තේ අටවා තිබු කම්බි මද්දකට කදුකර කොටියා හසුවී දින ගණනාවක් ගත වීම හේතුවෙන් කදුකර කොටියා ජිවිතක්ෂයට පත් වි සිරුර දැඩි ලෙස නරක් වී තිබු බවයි වනජිවි නිලධාරින් කියා සිටියේ.

ජිවිතක්ෂයට පත් කදුකර කොටියාගේ සිරුර එම වතුයායේ වතු කම්කරුවන් විසින් දැක ඒ බව තම කාර්යාලය වෙත දැනුම් දුන් බවත්, කදුකර කොටියාගේ සිරුර හැටන් මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා රණ්දෙණිගල වනජිවි පශු වෛද්‍ය රෝහල වෙත යොමු කල බවත් නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් කීය.

මියගිය කදුකර කොටියා කම්බි මද්දකට හසුවීම නිසා ගෙල සිරවී මියගොස් ඇති බවත්, අවුරුදු 4-5 අතර වයසක් ඇති මියගිය කදුකර කොටියා ගැහැණු සතෙකු බවත් පශ්චාත් මරණ පරික්ෂණය සිදුකළ රණ්දෙණිගල පශු වෛද්‍ය රෝහලේ වෛද්‍ය කියා සිටියා.

කදුකර කොටින් පිලිබඳව සමික්ෂණ සිදු කරන මෙරට සංවිධානයක් විසින් මියගිය කදුකර කොටියා කුඩා කල සිටම එම තේ වත්තේ හැදුණු වැඩුණු කදුකර කොටියෙකු බවට එම සංවිධානය විසින් හදුනාගෙන තිබෙනවා.

වල් ඌරන් දඩයම් කිරීම සඳහා දඩයම්කරුවන් විසින් තේ වත්තේ අටවනු ලබන කම්බි මදුවලට කදුකර කොටින් හසු වන බවත්, තේ වතු ආශ්‍රිතව දඩයම්කරුවන් විසින් අටවනු ලබන මෙවැනි මදු ගලවා ඉවත් කිරිමට වතු අධිකාරිවරුන් සහ වතු කම්කරුවන් දැනුවත් කර ඇති බවත් රණ්දෙණිගල වනජිවි පශු වෛද්‍ය රෝහලේ වෛද්‍යවරයා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
2
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?