කඳාන පොලිස් වසමේ පියෝ මාවතේ පිහිටි නිවසකට අද (04) උදෑසන යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් වෙඩි තබා පලාගොස් තිබෙනවා.
මෙම වෙඩි තැබීමෙන් නිවසේ ඉදිරිපිට ගේට්ටුවට සහ තාප්පයට අලාභ හානි සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
අදාළ නිවසේ හිමිකරු ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු බවටයි හඳුනාගෙන ඇත්තේ.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, වෙඩි තැබීමට පුද්ගලයින් පැමිණි හඳුනාගෙන එහි හිමිකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වෙඩි තැබීම සිදුකර පලාගිය සැකකරුවන් සොයා කඳාන පොලිසිය විමර්ශන ආරම්භකර ඇති බවයි වාර්තා වුණේ.













