කඳානේ ගින්නක් – අයෙක් මරුට

කඳාන ප්‍රදේශයේ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන ස්ථානයක අද (08) උදෑසන ගින්නක් හටගෙන තිබෙනවා.

මෙම ගින්නෙන් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 50ක් වන ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු එම ආයතනයේ ගණකාධිකාරිවරයා ලෙස සේවය කළ තැනැත්තා බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ.

මේ අතර ගින්නෙන් ඇති වූ විෂ දුමාරය ආග්‍රාහනය වීමෙන් රෝගී වූ, කර්මාන්තශාලාව අවට පාසල් දෙකක සිසුන් පිරිසක් රෝහල් ගතකර ඇති බව ද වාර්තා වනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, කඳාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !