කන්න වන්දි ඉල්ලා පහල යාන්ඔය ගොවින් විරෝධතාවක(ඡායාරූප)

නිවාස සහ ඉඩම් අහිමිවූ තමන්ට සහන ලබා දෙන ලෙස බල කරමින් අනුරාධපුර පහල යාන්ඔය ව්‍යාපෘතියෙන් දේපල අහිමි වූ ගොවින් පිරිසක් අනුරාධපුර දිස්ත්‍රික් වාරීමාර්ග අධ්‍යක්ෂ කාර්යාලයට පැමිණ අද විරෝධතාවක නිරත වූණා.

අනුරාධපුර කඩ 50 ප්‍රදේශයෙන් සිය විරෝධතාව ආරම්භ කල ගොවීන් ඉල්ලා සිටියේ පහළ යාන් ඔය ව්‍යාපෘතියට නිවාස සහ ඉඩම් පරිත්‍යාග කළ ගොවි ජනතාවට කන්න 09කට අදාළ කන්න වන්දි මුදල් කඩිනමින් ලබා දෙන ලෙසයි.

කන්න වන්දි සඳහා මීට පෙර තක්සේරු කළ මුදල වන අක්කරයකට රුපියල් 50700 මුදල අද වන විට ප්‍රමාණවත් නොවන බැවින් අක්කරයකට රුපියල් 150 000 මුදලක් ලබා දෙන ලෙසත්, වසර ගණනක සිට තමන්ට ලබා දෙන බවට පොරෝනදු වූ පූර්ණ වන්දි මුදල් කඩිනමින් ලබා දෙන ලෙසත් එම ගොවින් ඉල්ලා සිටියා.

අදාළ ගැටලු සම්බන්ධයෙන් සතියක් තුළ නිළධාරීන් සමඟ සාකච්ජාවක් පවත්වා එම සාකච්ජාවේ ප්‍රගතිය ගොවීන්ට දැනුම් දෙන බව අනුරාධපුර දිස්ත්‍රික් වාරීමාර්ග ප්‍රධාන ඉංජිනේරු වී. තවක්කුමාර් මහතා ගොවීන්ට පොරොන්දු වුණා.

YAN OYA 02
YAN OYA 03
YAN OYA 05
YAN OYA 06
YAN OYA 04
YAN OYA 08


අපගේ නවතම වීඩියෝ පුවත්