spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කනටකර නළා පිම්බාට ලැබුණු දඬුවම (වීඩියෝ)

මාර්ගයේ ගමන් ගන්නා පුද්ගලයින්ගේ කන්වලට අධික ශබ්දයක් ඇති නළා නාද කළ පුද්ගලයින් කිහිප දෙනෙකුට ලබාදුන් අපූරු දඬුවමක් පිළිබඳව ඉන්දියාවෙන් වාර්තා වනවා.

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ජබල්පූර් නගරයේ වීදිවල ගමන් ගන්නා පුද්ගලයින්ගේ කන්වලට අධික ශබ්දයක් ඇති නළා නාද කළ පුද්ගලයින් කිහිප දෙනෙකු පොලිසිය විසින් පසුගියදා අල්ලාගෙන තිබෙනවා.

අනතුරුව පොලිස් නිලධාරීන් කටයුතුකර ඇත්තේ එලෙස අල්ලාගත් පුද්ගලයින්ගේ කන්වලට අධික ශබ්දයක් ඇති එම නළා නාද කිරීමට කටයුතු කිරීමටයි.

පොලිස් නිලධාරීන් විසින් එම දඬුවම ක්‍රියාත්මක කරන අයුරු අසල සිටි පුද්ගලයෙකු විසින් රූගත කර මාධ්‍ය වෙත ලබාදීමෙන් අනතුරුව ඉන්දීය මාධ්‍ය එම දර්ශන ප්‍රසිද්ධ කිරීමටයි පසුගියදා කටයුතු කර තිබුණේ.

නගරයට පැමිණෙන පුද්ගලයින්ගෙන්, අධික ශබ්දයක් ඇතිවන් ලෙස නළා නාදකරන තරුණයින් කිහිප දෙනෙකු පිළිබඳව සිදුකළ පැමිණිලි මත එම කණ්ඩායම අල්ලාගැනීමට පොලිසියට හැකියාව ලැබී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
25
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?