කථානායකවරයාට විපක්ෂයෙන් විශ්වාසභංග යෝජනාවක්

වත්මන් පාර්ලිමේන්තුවේ කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමට විපක්ෂය තීරණයකර ඇති බව සමගි ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් පී. පෙරේරා අද (25) දවහල් පාර්ලිමේන්තුවේ දී පවසා සිටියා

එම විශ්වාසභංග නිසි වේලාවට, නියමිත ආකාරයට ඉදිරිපත්කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංග යෝජනාව දෙවෙනිවරටත් කථානායකවරයා විසින් අද දින ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කළ බවත් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 76(1) වගන්තියට අනුව කථානායකවරයාට එකම කාර්යයක් සම්බන්ධයෙන් දෙවරක් නියෝග ලබාදීමට නොහැකි බවද අජිත් පි පෙරේරා සඳහන් කළා.

එමෙන්ම එම විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් නීතිපතිවරයා සහ ලේකම් මණ්ඩලය විසින් ලබාදී තිබෙන වාර්තා මගින් එම විශ්වාසභංග යෝජනාව ප්‍රතික්ෂේප කළයුතු බව සඳහන් කර නොමැති බව පැවසූ ඔහු එම වාර්තාව සභාගත කිරීමටද මන්ත්‍රිවරයා කටයුතු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29