වත්මන් පාර්ලිමේන්තුවේ කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමට විපක්ෂය තීරණයකර ඇති බව සමගි ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් පී. පෙරේරා අද (25) දවහල් පාර්ලිමේන්තුවේ දී පවසා සිටියා
එම විශ්වාසභංග නිසි වේලාවට, නියමිත ආකාරයට ඉදිරිපත්කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංග යෝජනාව දෙවෙනිවරටත් කථානායකවරයා විසින් අද දින ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කළ බවත් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 76(1) වගන්තියට අනුව කථානායකවරයාට එකම කාර්යයක් සම්බන්ධයෙන් දෙවරක් නියෝග ලබාදීමට නොහැකි බවද අජිත් පි පෙරේරා සඳහන් කළා.
එමෙන්ම එම විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් නීතිපතිවරයා සහ ලේකම් මණ්ඩලය විසින් ලබාදී තිබෙන වාර්තා මගින් එම විශ්වාසභංග යෝජනාව ප්‍රතික්ෂේප කළයුතු බව සඳහන් කර නොමැති බව පැවසූ ඔහු එම වාර්තාව සභාගත කිරීමටද මන්ත්‍රිවරයා කටයුතු කළා.















