කතානායකටත් විශ්වාසභංගයක් ? නව නියෝජ්‍ය කතානායක ඉම්තියාස් බාකීර් මාකර් ?

ජනතා ඉල්ලීම්වලට කන් නොදී ආණ්ඩුවට පමණක් සවන්දී කටයුතු කරන්නේ නම් ඉදිරියේදී කතානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ සුදානම් වන බවට අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

පාර්ලිමේන්තුවේ දී කතානායකවරයා ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පසුගිය කාල සීමාවේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් විවිධ අවස්ථාවන් වලදී චෝදනා එල්ල කරනු ලැබුවා. ඒ කතානායකවරයා පක්ෂාග්‍රාහීව කටයුතු කරන බවට චෝදනා එල්ල කරමින්.

මේ අතර රංජිත් සියඹලාපිටිය මන්ත්‍රීවරයා මේ මස අවසාන වීමෙන් පසු නියෝජ්‍ය කතානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කිරිමත් සමග එයට විපක්ෂය නියෝජනය කරනු ලබන මන්ත්‍රීවරයෙකුගේ නමක් යෝජනා කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව සමගී ජනබල වේගය පක්ෂය නියෝජනය කරනු ලබන ඉම්තියාස් බාකීර් මාකර් ගේ නම යෝජනා කිරීමට විපක්ෂයේ දේශපාලන පක්ෂවල අවදානය යොමු වී ඇත.

මේ අතර ආණ්ඩුවට එරෙහිව සමගී ජනබල වේගය පක්ෂය විසින් ගෙන ඒමට නියමිත විශ්වාස භංග යෝජනාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 120 දෙනෙකුගේ සහය ලැබෙනු ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කර සිටියා.

ඉදිරි සති දෙකක කාලය දේශපාලනමය වශයෙන් ඉතා උණුසුම් තත්ත්වයක් ගනු ඇති බවයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ. ඒ මේ වන විටත් පක්ෂ විපක්ෂ දේශපාලන පක්ෂ සිය ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් සාච්ච්ජා වට රැසක් පවත්වමින් සිටින බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08