කතරගම දේවාලය පිටුපස පිහිටි බෝධීන් වහන්සේට නැඟි පුද්ගලයෙක් අද (25) දහවල් කලහාකාරී ලෙස හැසිරී තිබෙනවා.
මෙලෙස කලහාකාරී ලෙස හැසිරී ඇත්තේ කැබැල්ලෑව ප්‍රදේශයේ සිට පැමිණි පුද්ගලයෙක් බවයි තොරතුරු වාර්තා වුණේ.
බෝධීන් වහන්සේ මතට නැඟි එම පුද්ගලයා බස් රථ දෙකක යතුරු තමාවෙත ලබාදෙන ලෙස ඉල්ලා මෙලෙස බැතිමතුන්ට හිරිහැරයක් ඇතිවන ආකාරයට කලහාකාරී ලෙස හැසිරුණු බවයි දසත නිවුස් කතරගම වාර්තාකරු සඳහන් කළේ.
එම අවස්ථාවේ කතරගම පොලිස් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත සිවිල් ආරක්ෂක නිලධාරීන් විසින් ඔහුව සූක්ෂමව බෝධීන් වහන්සේගෙන් බිමට බස්සවා ගැනීමට කටයුතු කර ඇති අතර, එම අවස්ථාවේ ඔහු සිවිල් ආරක්ෂකයින් නිලධාරීන්ට පහරදීමට තැත්කර තිබෙනවා.
පසුව සිවිල් ආරක්ෂකයින් නිලධාරීන් ඔහුව අල්ලාගෙන පොලිසිය වෙත භාරදීමටයි කටයතු කර ඇත්තේ.





