කඩේ ගිය තරුණයාගේ සිරුර අත්හැර දැමූ පාළු වගා ළිඳක

ගලේවෙල වෙළෙඳසලට යන බව පවසා නිවසින් බැහැර ගිය තරුණයෙකුගේ මළසිරුර පසුදින දහවල් අත්හැර දැමූ පාළු වගා ළිඳක තිබියදී ගම්වාසීන් විසින් සොයාගත් බව ගලේවෙල පොලිසිය පවසයි. මෙසේ මිය ගොස් ඇත්තේ පුවක්පිටිය පදිංචිව සිටි කැඳන්ගමුවේ ගෙදර තරංග පුෂ්පකුමාර නමැති විසිපස් හැවිරිදි අවිවාහක තරුණයෙකි. පසුගිය පෙරේදා (13දා) දින රාත්‍රී 7.30ට පමණ නිවසින් බැහැර ගිය මිය ගිය තරුණයා නැවත නිවසට නොපැමිණීම නිසා ගම්වාසීන් රැය මුළුල්ලේත් පසු දිනත් සොයා බැලීමේදී ඊයේ (14දා) දින දහවල් පුවක්පිටිය වැව අසල අත්හැර දමා තිබූ පාළු වගා ළිඳක බීඩි මිටියක් සහ රබර් පාවහන් යුගලක් පාවෙමින් තිබෙනු දැක ළිඳේ ජලය අඩුකර පරීක්ෂා කිරීමේදී මළසිරුර හමුවී ඇති බව පොලිසිය කියයි. මියගිය තරුණයා වසර 04ක් පමණ පොලිස් සේවයේ යෙදී සිට සේවය අත්හැර ගොස් සිටි අයෙක් බවද විමර්ශනයේදී හෙළිවිය. ගලේවෙල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?