කඩා වැටුණු උමගේ සිරවූවන් බේරා ගැනීමේ මෙහෙයුම් නවතී

උතුරු ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ කඩා වැටුණු උමං මාර්ගය තුළ සිරවී සිටින කම්කරුවන් 40 දෙනා බේරා ගැනීමේ මෙහෙයුම් තාවකාලිකව නතර කර තිබෙනවා.

ඒ මෙහෙයුම්වල නිරත කණ්ඩායම්වලට මහා පරිමාණ ඉරිතැලීම් ශබ්දයක් ශ්‍රවණය වීම හේතුවෙන්.

මෙම ශබ්දයත් සමග තවත් කඩා වැටීමේ අවදානමක් පැවතීම හේතුවෙනුයි මෙහෙයුම් තාවකාලිකව නතර කෙරුණේ.

පසුගිය දින 6ක පමණ කාලයක සිට උමග තුළ සිරවූ කම්කරුවන් බේරා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක අතර උමග තුලට නල තල්ලු කිරීමේ කටයුතු ද නතර කෙරුණු බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

තත්වයට මුහුණ දීම සඳහා විවිධ සංවිධානවල සියලුම නිලධාරීන් සහ අනෙකුත් ප්‍රවීණයන් සමඟ රැස්වීමක් ද කැඳවා තිබෙනවා.

උමග තුළ සිරවී සිටින සේවකයන්ට ජලය, ආහාර, ඔක්සිජන්, විදුලිය සියල්ල සපයා ඇති අතර ආහාර ද්‍රව්‍ය ලැබුණු බව සිරවී සිටින සේවකයන් තහවුරු කර ඇතැයි සඳහන්.

අතරමං වූ සියලුම සේවකයින් ඔවුන් විසින් සන්නිවේදනය කරන ලද පරිදි ආරක්ෂිත බවයි බලධාරීන් ප්‍රකාශ කළේ.

පසුගිය ඉරිදා මෙම උමගෙහි කොටසක් නායයෑමට ලක්වූ අතර කම්කරුවන් 40ක් පමණ ඒ තුළ සිරවී සිටිනවා.

නිලධාරීන් පැවසුවේ උමගෙහි මීටර් 200ක් පමණ අභ්‍යන්තරයෙන් ඔවුන් සිරවී සිටිය ද කිසිවෙකුටත් අනතුරක් සිදු වී නොමැති බවයි.

හිමාල කඳු මුන් සහ අයිස් කඳු කිහිපයක් ද ඇති ප්‍රසිද්ධ හින්දු වන්දනා ස්ථානයක් වන මෙම ප්‍රදේශයට සෑම වසරකම දහස් ගණන් බැතිමතුන් පැමිණෙනවා. ඒ අනුවයි එම උමං මාර්ගයේ ඉදි කිරීම් කටයුතු ආරම්භ කෙරුණේ.

එහිදී මෙම උමගේ කොටසක් නාය යාමෙන් කම්කරුවන් සිරවී තිබෙනවා. ඉදිකිරීම් කටයුතු සඳහා උමඟට ජලය සැපයීම වෙනුවෙන් ඇති නළ මාර්ගයක් ඔස්සේ මෙම පිරිසට ආහාර, ජලය සහ ඔක්සිජන් යැවීම සිදු කෙරෙනවා.

2018 වසරේ තායිලන්තයේ ගුහාවක සිරවී සිටි ළමුන් සාර්ථකව මුදාගත් කණ්ඩායම ඇතුළු තායිලන්තයේ සහ නෝර්වේහි ගලවා ගැනීමේ කණ්ඩායම්, දැනට ක්‍රියාත්මක ගලවා ගැනීමේ මෙහෙයුමට සහය වීමට එක් වී තිබෙනවා.

NDRF, SDRF, BRO සහ ITBP ඇතුළු බහුවිධ නියෝජිතායතනවල පුද්ගලයින් 165 දෙනෙකු විසින් පැය 24 පුරාම ගලවා ගැනීමේ කාර්යය මෙහෙයවනු ලබනවා.

ගැලවුම්කරුවන්ට ගුවන්විදුලි යන්ත්‍ර භාවිතයෙන් සිරවී සිටින මිනිසුන් සමඟ සන්නිවේදනය කළ හැකියි.

ශුද්ධ වූ හින්දු සිද්ධස්ථාන දෙකක් වන උත්තර්කාෂි සහ යමූනෝත්‍රි සම්බන්ධ කිරීම සඳහා සිල්ක්‍යාරා සහ දණ්ඩල්ගෝන් නගර අතර කිලෝමීටර් 4.5ක මෙම උමං මාර්ගය ඉදිකරමින් තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
3
+1
10
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවට තව දින 10යි - GMOA එකෙන් රජයට රතු එළියක්
12:23
Video thumbnail
අගමැතිතුමියට එරෙහිව පොලිස්පතිට පැමිණිල්ලක්
08:48
Video thumbnail
මුන් කැලේ හිටියේ - පන්සලේ සිවුරට පිහිට වෙලා ජීවිත බේරාගත්තේ
08:03
Video thumbnail
ආනන්ද පාලිතගෙන් විමල්ට සැර සත්තමක්.."කඩේ යන එකත් සීමාවක් තියාගන්න..අපිව අන්ධන්න එපා"
06:21
Video thumbnail
අලුත් වාහනයක් ගන්න මිනිස්සු හොයාගෙන එන විශ්වාසය දිනූ එකම තැන Intimate Lanka (PVT) LTD
15:02
Video thumbnail
දිට්වා සුළි කුණාටුවෙන් විනාශ කළ ප්‍රධාන මාර්ග බැලිමට NBRO නිලධාරින් එයි
03:13
Video thumbnail
මාලිමාවට හරිනි හිසරදයක් වෙලා - පැලවත්තෙන් තමයි රට පාලනය කරන්නේ
17:06
Video thumbnail
බන්ධනාගාරය අපරාධකායෝ බිහිකරන ෆැක්ටරියක්..ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පතිගෙන් ප්‍රබල හෙළිදරව්වක්
14:02
Video thumbnail
"අපේ බහුතරය අපි සහතික කළා"කොළඹ නගර සභාවේ මුදල් කාරක සභාවේ බලය ඒකාබද්ධ විපක්ෂයට
08:17
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් මහ සෙනඟක් එක්ක රුවන්වැලි මහාසෑයට හා ශ්‍රී මහා බෝධියට යයි
00:34


?