spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කඩදාසි අර්බුදයෙන් පාකිස්ථානයේ පාසල් පෙළපොත් මුද්‍රණය ගැටළුවක

රටේ තුළ පවතින කඩදාසි අර්බුදය හමුවේ පාසල් පෙළපොත් මුද්‍රණය කිරීමට නොහැකි බව පාකිස්ථානයේ කඩදාසි සංගම් අනතුරු අඟවා තිබෙනවා.

කඩදාසි අර්බුදය හේතුවෙන් 2022 අගෝස්තු මාසයේ ආරම්භ වන නව අධ්‍යයන වර්ෂය සඳහා පෙළපොත් කිසිවක් මුද්‍රණය කිරීමට නොහැකි වනු ඇති බවයි එරට කඩදාසි කර්මාන්තයට සම්බන්ධ සංගම් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

මේ වනවිටත් පකිස්ථානයේ ප්‍රාන්ත කිහිපයක පාසල් පෙළපොත් මුද්‍රණය සම්පූර්ණයෙන්ම නවතා දමා ඇති බව ද වාර්තා වන්නේ.

පාකිස්ථාන දේශීය කඩදාසි කර්මාන්තයේ පවතින ඒකාධිකාරය සහ එරට වත්මන් රජයේ වැරදි ප්‍රතිපත්ති හේතුවෙන් මෙම අර්බුදය ඇති වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ගෝලීය උද්ධමනය හේතුවෙන් මේ වනවිට කඩදාසි අර්බුදයට ලෝකයේ රටවල් රැසක් මුහුණ පා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?